මේ මොහොත වනවිට රටක් ලෙස අපි දැවන්ත ආර්ථික,සමාජ,දේශපාලන අර්බුදයක ගිලෙමෙනුයි ඉන්නේ. කාටවත් ඒක නෑ කියන්න බෑ වගේම කාටවත් ඒකට උත්තරයකුත් නෑ. දවසින් දවස අර්බුදය උත්සන්න වෙනවා. කොයි කාටත් දැන් කට උත්තර නෑ. හැබැයි ගොඩක් අය ඇත්ත ප්‍රශ්නය කතා නොකර තවමත් රට ඉස්සර බොරු බේගල් ඇදබානවා. හැම කෙනාම පහහුගිය ආණ්ඩුව පිට වරද පටවලා අත පිහදාගන්න හදනවා. ඒවා පිලි අරගෙන එයාලා වෙනුවෙන් මරාගෙන මැරෙන්න ලෑස්ති බයියන් පිරිසක් තවමත් ඔය තුන් හතර පැත්තේම ඉන්නවා.
2010 මහින්දගේ ආණ්ඩුව කාලේ මහා පරිමාන දුෂණ වංචා සිද්ධ වුණා. 2015 යහපාලන ආණ්ඩුව ඊට දෙවෙනි නෑ. දැන් පවතින ආණ්ඩුවටත් එකපිට එක දුෂණ චෝදනා එල්ල වෙනවා. දැන් මේ ආණ්ඩුව කරන වැඩවලින් වෙන්නේ පුහුල් හොරා කරෙන් දැනීම විතරයි. හැබැයි මේ හැම ආණ්ඩුවක්ම පහුගිය ආණ්ඩුවේ හොරු ගැන කතා කළා මිසක් අල්ලපු හොරෙක් නං තාම නෑ. ඇත්තටම රටේ මහජන දේපල හොරකම් කරන එක හෙන ගහන අපරාධයක්. හැබැයි ඉතින් මේ තියන ක්‍රමයෙන් නිර්මාණය වෙන්නේ එහෙම හොරෙක්ම තමයි. ඒක එදත්,අදත් හෙටත් එහෙමයි.
දැන් මේ ආණ්ඩුවට විරුද්ධව ඉදිරියට ඇවිත් තියෙන්නේ ආර්ථික සටන් පාඨ. ඒ කියන්නේ රටේ ජීවන වියදම් ප්‍රශ්නය උග්‍ර වෙනවා. ඒවා වෙන වෙන පැතිවලට හරවන්න ආණ්ඩුව එක එක විදිහේ උත්සාහයන් ගන්නවා. මම අද කියන්නම් මේ ආණ්ඩුව පෙරළෙන්නේ ආර්ථික අර්බුදය මුල්වෙලාම තමයි. හැබැයි ඊළඟට කාටද බලය දෙන්නේ. මොන පක්ෂයකටද අපේ රටේ ආර්ථිකය ගොඩදාන්න නිවැරදි උපාය මාර්ගයක් තියෙන්නේ. කාටවත් නෑ. ඔක්කොම කරන්නේ මේ තියන කාලකන්නි ක්‍රමය පවත්වාගෙන යන එක විතරයි. මේ දක්වා අපේ රටට ආර්ථික උපායමාර්ගය දෙකක් හඳුන්වලා දීලා තියනවා. එකක් ශ්‍රීලනිප හිටපු නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය හදුන්වා දුන්න ආර්ථික වැඩපිළිවෙල. එතුමියගේ ආර්ථික දැක්ම උනේ ස්වාධීන දේශීය ආර්ථිකයක්.
නායකයන්ගෙන් පටන් ගත්තම සාමාන්‍ය පුරවැසියා දක්වා හොරකම් කරන මානසිකත්වය හදලා ඉවරයි. තවත් මේ ආර්ථික ක්‍රමය යටතේ නං අපි ඉස්සරට යන්නේ. අපේ රට මෙතනින් ඉවරෙටම ඉවරයි. ඒක නිසා මේ රටට දේශපාලන වශයෙන් මඟ පෙන්වීමක් ඕනි වෙලාවක් මේක. අපි ඒකට කියන්නේ දේශපාලනයේ මහෝෂධ භූමිකාව කියලා. ඒක කරන්න පුළුවන් හොඳම අවස්ථාව තියෙන්නෙත් මේ දේශපාලන අර්බුදය ඇතුළේම තමයි. ඒක ඉෂ්ඨ කරන්න පුළුවන් දේශපාලන පක්ෂයට තමයි මේ රට ආයෙත් හරි පාරට හරවලා ගන්න පුළුවන්. ඉතිහාසයේ අවස්ථා කිහිපයකදී ඒක ජ.වි.පෙ. විසින් ඉෂ්ඨ කළා. චන්ද්‍රිකාගේ ආණ්ඩුවට පරිවාස වැඩපිලිවෙලක් දීම ඒකට එක උදාහරණයක්. නමුත් ජ.වි.පෙ. තිබුණ මූලධර්මවාදී ප්‍රතිපත්ති විසින් ඒ හැකියාව අතර මඟදී විනාශ කරගත්තා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එකතුවෙලා හදපු යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වුනේත් ඒක. ඒ ආණ්ඩුවේ බලවතා අගමැති රනිල් වික්‍රමසිංහ තමයි ජේ.ආර් ගෙන් පස්සේ විවෘත ආර්ථිකය හොදටම කරපින්නා ගත්තු යූ.එන්.පී ඒජන්තයා. එයා අද ඉන්න රාජපක්ෂලාට සමාන උනොත් මිසක් කිසිසේත් දෙවෙනි වෙන්නේ නෑ. ඒ ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. සිරිමාවෝගේ දර්ශනයේ තවත් කෙළ පැමිණි ගෝලයෙක්. නමුත් එතුමාටත් ඒ ගමනට රට හරවන්න හැකි වුනේ නෑ. ඒත් මම මෙතනදී තර්ක කරන්නේ එතුමාට ඒ උවමනාව තිබ්බා කියලා. අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය කකුලෙන් අදිද්දී, මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂය රනිල්ගේ ප්ලෑන් එකට අනුව කටයුතු කරද්දී මෛත්‍රී ශ්‍රීලනිප මන්ත්‍රීවරු කීපදෙනෙක් එක්ක උඩුගම් බලා පීනන්න උත්සහා කළා.
ඒක නිසා අද දේශපාලනයේ මහෝෂධ භූමිකාව පැවරිලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටය. ඇත්තටම ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේනට. දැන් ශ්‍රීලනිපය අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ස්වදේශීය ආර්ථික සංකල්පය මුල් කරගතු ආර්ථික වැඩපිළිවෙලක් රටට ඉදිරිපත් කරන්න ඕනි. ඒ වෙනුවෙන් මතවාදයක් ගොඩනගන්න ඕනි. ශ්‍රීලනිපය බිම් මට්ටම එම මතවාදයෙන් සන්නද්ධ කරන්න ඕනි. ස්වාධීන ආර්ථිකයක් ගැන හිතන දාර්ශනික මිනිහෙක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෛත්‍රී දැන් එළියට එන්න ඕනි. ඒක මේ රටේ රැල්ලක් කරන්න ඕනි. ඒ මෛත්‍රීගේ ඓතිහාසික වගකීම. ශ්‍රීලනිප උරුමය වෙනුවෙන් සටන් කරන්න පුළුවන් දැනට ශ්‍රීලනිපයේ ඉන්න අවසන් දේශපාලන දැවැන්තයාත් මෛත්‍රීපාල සිරිසේන විතරයි. ශ්‍රීලනිප නූතන පරපුරක් මෛත්‍රීට බිහි කරන්න පුළුවන්.
ඒක නිසා මේ මොහොතේ මෛත්‍රීගේ වගකීම වෙන්න ඕනි 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයාවීමට සිහිනය දැකීම නම් නොවෙයි. පෙනුමට නං එතුමාට එහෙම ලෙඩක් නෑ. ඒත් 2024 දී මේ රට නව මගකට හැරවන ජාතික කාර්යභාරය දැන් මෛත්‍රී අතට ගන්න ඕනි. අද ඒ හැකියාව තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණයි. තවත් තරල වචනවලින් කියනවා නම් කෝ මේ සිරිසේනට පමණයි. මෛත්‍රී ශ්‍රීලනිප උරුමය වෙනුවෙන් සටන්වදීද නැද්ද කියලා ශ්‍රීලනිප අධ්‍යාත්මික සාමාජිකයා බලාගෙන ඉන්නවා. එයා විතරක් නෙවෙයි අපිත් ඉතා විමසිල්ලෙන් බලා ඉන්නවා.
ප්‍රියන්ජිත් විතාරණ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...