නව කොරෝනා වයිරස් (SAR-CoV-2) ආසාදනයට මිලියන 135 ක් පමණ දෙනා ගොදුරුවී, මිලියන තුනකට ආසන්න පිරිසක් මියගොස් ඇත. මේ දක්වා, බිලියන 7.7ක් වන ලෝක ජනගහනයෙන් දළ වශයෙන් 1.5% ට එන්නත ලබා දී ඇති අතර ඉන් 80% ක් රටවල් දහයකින් පමණි. මෙම තත්ත්වය කල්තියා දුටු විචාරකයින් ‘වෛද්‍ය වර්ණභේදවාදය’ ගැන අනතුරු ඇඟවූහ. ‘අධිරාජ්‍ය විරෝධී අරගලයේ ජාත්‍යන්තර සතිය’ විසින් නිකුත් කළ ‘ජීවිත සඳහා ජාත්‍යන්තර ප්‍රකාශනය ’ මගින් ‘සියලු මිනිසුන් සඳහා නොමිලේ එන්නත්’ ඉල්ලා සිටියේය.
එන්නතක් යනු කුමක්ද?
අන්වීක්ෂීය ‘විෂබීජ’ (ව්යාධිජනක) මගින් බෝවන රෝග බරපතල රෝගාබාධවලට හා මරණයට හේතු විය හැක. ආසාදනයෙන් සුවය ලබන පිරිස් බොහෝ විට එම රෝගයට නැවත වතාවක් ගොදුරු නොවීමට අවශ්‍ය දිගු කාලීන ආරක්ෂාවක් ලබා ගනී. මෙම රෝග කාරකවලින් කුඩා හෝ දුර්වල වූ කොටසකට අනාගතයේ දී දරුණු ආසාදනවලින් මිනිසුන් ආරක්ෂා කළ හැකි වෙනස්කම් ශරීරයේ ඇති කළ හැකිද? එන්නත් පිටුපස ඇති මූලධර්මය එයයි.
රෝග කාරකයක කොටස් බඳු අන්වීක්ෂීය අණු අඩංගු එන්නතක් ශරීරගත කිරීමෙන් අදාළ රෝගයට එරෙහිව පූර්ව ආරක්ෂණය ඇතිකළ හැක . එක් එන්නතක් එක් රෝග කාරකයකට එරෙහිව එක් පුද්ගලයෙකු පමණක් ආරක්ෂා කළද, එන්නත් වර්ග කිහිපයක් ලබාදෙන සංවිධානාත්මක, මහා පරිමාණ එන්නත් කිරීමේ වැඩසටහන් ප්‍රජා සෞඛ්‍ය රැකගැනීම සඳහා තීරණාත්මක වේ.
සියලුම ආසාදන එන්නත් මගින් වළක්වා ගත නොහැක. කෝවිඩ්-19 එන්නත් භාවිතය ඉක්මන් කිරීමට හැකි වී ඇත්තේ එය බොහෝ දුරට – හොඳින් අවබෝධ කරගත් ජීව විද්‍යාත්මක යාන්ත්‍රණයක් සහිත අඩු සංකීර්ණ රෝග තත්ත්වයක් වීම නිසාය. මේ අනුව එන්නත් යනු බෝවන රෝග වැළැක්විය හැකි වැදගත් ක්‍රමයකි.
ලොව ජනගහනයෙන් බිලියන 5.5කට කෝවිඩ්-19 එන්නත් ලබා නොදෙන්නේ ඇයි?
නව කොරෝනා වයිරස් (SAR-CoV-2) වසංගතය මතුවී වැඩි කලක් යන්නට මත්තෙන්, චීන බලධාරීන් වෛරසයේ ජාන අනුක්‍රමනය හඳුනාගත් අතර එම තොරතුරු පොදු වෙබ් අඩවියකින් ලෝකය සමග බෙදා ගත්හ. රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල විද්‍යාඥයන් වෛරසය වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා එම තොරතුරු ලබාගෙන ප්‍රතිකාර ක්‍රම සකස් කිරීමටත්, රෝගයට එරෙහිව ප්‍රතිශක්තිකරණය සඳහා එන්නත් නිර්මාණය කිරීමටත් එම තොරතුරු නිදහසේ ප්‍රයෝජනයට ගත්හ. එම කිසිදු තොරතුරක් සඳහා පේටන්ට් බලපත්‍රයක් නිකුත් කර නොමැත.
මාස කිහිපයක් ඇතුළත පුද්ගලික හා රාජ්‍ය අංශයේ සමාගම් අටක් තමන් එන්නත් නිපදවමින් සිටින බව නිවේදනය කළහ: ෆයිසර් / බයෝඑන්ටෙක්, මොඩර්නා, ඇස්ට්‍රා-සෙනෙකා, නොවාවැක්ස්, ජොන්සන් සහ ජොන්සන්, සනෝෆි / ජීඑස්කේ, සිනොවැක්, සීනෝෆාර්ම් සහ ගමාලියා ඒ අතර වූහ. සිනෝවැක්, සිනොෆාර්ම් සහ ගමාලියා යනු චීනයේ හා රුසියාවේ රාජ්‍ය අංශ විසින් නිෂ්පාදනය කරනු ලබන එන්නත්ය (මාර්තු මැද භාගය වන විට චීනය සහ රුසියාව රටවල් 41 කට එන්නත් මාත්‍රා මිලියන 800 ක් ලබා දී ඇත). අනෙක් එන්නත් නිෂ්පාදනය කරනු ලබන්නේ විශාල මහජන අරමුදල් ලැබී ඇති පෞද්ගලික සමාගම් විසිනි. නිදසුනක් ලෙස මොඩෙර්නාට එක්සත් ජනපද රජයෙන් ඩොලර් බිලියන 2.48ක් ලැබුණු අතර ෆයිසර්ට යුරෝපා සංගමයෙන් හා ජර්මානු රජයෙන් ඩොලර් මිලියන 548ක් ලැබුණි. මෙම සමාගම් එන්නතක් සෑදීම සඳහා මහජන අරමුදල් යොදවා, පසුව, ඔවුන්ගේ විකුණුම්වලින් අතිවිශාල ලාභයක් ලබා ගත් අතර පේටන්ට් බලපත්‍ර මගින් මෙම ලාභ තවදුරටත් තහවුරු කර ගත්හ. මෙය වසංගතයෙන් ලාභ ලැබීමේ එක් උදාහරණයකි.
ලෝකයේ විවිධ ප්‍රදේශවලට විකුණන හා ප්‍රවාහනය කරන එන්නත් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු වේගයෙන් වෙනස් වේ. එසේ වුවද, බොහෝ දුප්පත් ජාතීන්, 2023 ට පෙර ඔවුන්ගේ පුරවැසියන් සඳහා එන්නත් ලබා දීමට හැකි නොවන බව පිළිගෙන ඇති අතර, ගෝලීය උතුරට අවශ්‍ය ප්‍රමාණයට වඩා එන්නත් ලබාගෙන ඇත. ඔවුන්ගේ ජනගහනයට තුන් වරක් එන්නත් කිරීමට ප්‍රමාණවත් තරමට ඔවුහු එන්නත් ලබාගැනීමට ක්‍රියාකොට ඇත. නිදසුනක් වශයෙන්, කැනඩාවේ පුරවැසියන්ට පස් වතාවක් එන්නත් කිරීමට ප්‍රමාණවත් එන්නත් තිබේ. ලෝක ජනගහනයෙන් 14% කටත් වඩා අඩු සංඛ්‍යාවක් සිටින ගෝලීය උතුර, අපේක්ෂිත එන්නත්වලින් අඩකට වඩා ලබාගෙන ඇත. මෙය එන්නත් තොග රැස්කිරීම හෙවත් එන්නත් ජාතිකවාදය ලෙස හැඳින්වේ.
බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිබඳ වෙළඳාමට අදාළ කරුණු පිළිබඳ ගිවිසුම (ට්‍රිප්ස්) යටතේ පේටන්ට් බලපත්‍ර බැඳීම් තාවකාලිකව අත්හරින ලෙස ඉල්ලා ඉන්දියාවේ සහ දකුණු අප්‍රිකානු රජයන් 2020 ඔක්තෝබර් මාසයේදී ලෝක වෙළඳ සංවිධානයෙන් (WTO) ඉල්ලා සිටියේය. ලෝක වෙළඳ සංවිධානය එම ඉල්ලීමට එකඟ වූයේ නම්, බොහෝ රටවලට අවශ්‍ය එන්නත් අඩු මුදලකට ලබා ගතහැකි වනසේ එම එන්නත් රසායන විද්‍යාත්මක නාමයෙන් (generic version නිපදවීමට ඉඩ තිබුණි. කෙසේ වෙතත්, ගෝලීය උතුර මෙම යෝජනාවට විරුද්ධ වූයේ අතර, එවැනි අවසර මගින් (වසංගතයක් මධ්‍යයේ වුවද) පර්යේෂණ හා නවෝත්පාදනයන් අඩාල වනු ඇතැයි පවසමිනි (විශාල වශයෙන් මහජන මුදල් යොදා එන්නත් සංවර්ධනය කර තිබියදීත්).
2020 අප්‍රේල් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය අනෙකුත් හවුල්කරුවන් සමඟ කෝවිඩ් -19 එන්නත් ගෝලීය ප්‍රවේශය හෙවත් කෝවැක්ස් (COVAX) වැඩසටහන ආරම්භ කළේය. එහි අරමුණ වන්නේ එන්නත් සඳහා සමාන ප්‍රවේශයක් සහතික කිරීමයි. ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන්නේ යුනිසෙෆ්, ගැවි (GAVI) ආයතනය, එන්නත සන්ධානය, වසංගත සඳහා සූදානම් වීමේ නවෝත්පාදන සන්ධානය (CEPI), සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසිනි. ලෝකයේ රටවල් බහුතරයක් සන්ධානයට අත්සන් තබා තිබියදීත්, ප්‍රමාණවත් තරම් එන්නත් ගෝලීය දකුණට බෙදා හරිනු නොලැබේ. 2020 දෙසැම්බරයේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, 2021 දී ගෝලීය දකුණේ රටවල් හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් එන්නත් කළ හැක්කේ පුද්ගලයන් දහ දෙනෙකුගෙන් එක් අයෙකුට පමණක් බවයි.
ලොව ජනගහනයෙන් බිලියන 5.5 සඳහා එන්නත් ලබා දීමට අවශ්‍ය වන්නේ කුමක්ද?
මේ සඳහා අංශ හතරක් සලකා බැලිය යුතුය:
එන්නත් සැපයීම සහතික කළ යුතුය
පවතින තත්ත්වය තුළ එන්නත් මිලදී ගැනීම ගෝලීය දකුණේ රටවලට දුෂ්කරය. වැයබර දුෂ්කරවනවාට අමතරව, නිෂ්පාදනය වන එන්නත් ගෝලීය උතුර විසින් වෙන්කරගෙන තිබීම අනෙක් බාධකයයි. එබැවින්, එන්නත් ජාතිකවාදයට එරෙහි ජාත්‍යන්තර මට්ටමේ අරගලය ශක්තිමත් කළ යුතුය.
ප්‍රවාහන හා සීතල දාම
කලාපීය හා ජාතික එන්නත් නිෂ්පාදන මාර්ග නොමැති බැවින් එන්නත් දිගු දුරක් ප්‍රවාහනය කළ යුතුය. අධික සීතල දාමයක් අවශ්‍ය සමහර කෝවිඩ් -19 එන්නත් ගෝලීය දකුණේ බොහෝ රටවලට ප්‍රායෝගික නොවේ.
මහජන සෞඛ්‍ය පද්ධති
එන්නත් කිරීමේ වැඩසටහන් සඳහා ශක්තිමත් මහජන සෞඛ්‍ය පද්ධති අවශ්‍ය වේ. නමුත් ලොව පුරා බොහෝ රටවල දිගු කාලීන කප්පාදු ප්‍රතිපත්ති මගින් මහජන සෞඛ්‍ය පද්ධති කඩාවැටීමට ලක්ව ඇත. එබැවින්, එන්නත ලබා දීම සඳහා පුහුණු හා පළපුරුදු පිරිස් ප්‍රමාණවත් නොවේ. මේවා සංවේදී එන්නත් බැවින් එන්නත සකස් කිරීම හා පරිපාලනය කිරීම පුහුණු මහජන සෞඛ්‍ය සේවකයින් විසින් කළ යුතුය (එන්නත ප්‍රශස්ත ලෙස ලබා දීම සහතික කිරීමට මෙන්ම අතුරු ආබාධ වැළැක්වීමටත්).
වෛද්‍ය අධීක්ෂණ හා පසුවිපරම් ක්‍රම පද්ධති
අවසාන වශයෙන්, එන්නතෙහි බලපෑම අධීක්ෂණය කිරීම සඳහා හොඳින් සංවර්ධිත පද්ධති තිබිය යුතුය. මේ සඳහා දිගු කාලීන පසු විපරමක් අවශ්‍ය වන අතර නවලිබරල්වාදී ගෝලීය ආර්ථික පිළිවෙලෙන් දිගු කලක් තිස්සේ පසුබෑමට ලක්ව ඇති දුප්පත් රටවල මෙවැනි යාන්ත්‍රනයන් සඳහා පිරිස් හා තාක්ෂණයන් යන දෙඅංශයේම හිඟයන් පවතී.(ඇත්ත පුවත්පතෙනි.)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...