පුරවැසි කොලම

ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ලියමින් පවසා සිටින්නේ මෙවර ජිනීවා යෝජනාවෙන් (46/1) පසුව ආරක්ෂක හමුදා නායකයන් මුහුණ දීමට නියමිත අනතුර පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි. එම තත්වය අවධාරණය කරමින් ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය ජනාධිපති තුමා වෙත යැවූ ලිපිය පහත පළවේ.

2021 මැයි 02

අතිගරු ජනාධිපතිතුමා

ජනාධිපති ලේකම් කාර්යාලය

කොළඹ

මෙවර ජිනීවා යෝජනාවෙන් (46/1) පසුව ආරක්ෂක හමුදා නායකයන් මුහුණ දීමට නියමිත අනතුර පිළිබඳ සැලකිලිමත් විය යුතු බව අවධාරණය කරණු පිනිසයි

පසුගිය 46 වැනි ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරුනු මහකොමසාරිස් වාර්තාව සහ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකාවේ රජය විසින් ගනු ලැබූ ස්ථාවරය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව ලෙස අපි ඉතා ඉහලින් අගය කරමු.

පළමුවෙන්ම එදා හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ස්තුති පූර්වකව පිළිගත් 30/1 යෝජනාවලියට ශ්‍රී ලංකාවේ රජය විසින් ලබාදුන් සම අනුග්‍රහකත්වයෙන් ඉවත්වීම මගින් ඊට පාදක වූ ශ්‍රී ලංකාවට අදාලව ඉදිරිපත් වූ මහකොමසාරිස් වාර්තාව ද වර්තමාන රජය විසින් ප්‍රතික්ශේප කොට ඇත.එනම් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා වලට එරෙහිව එම වාර්තාව මගින් එල්ල කරනු ලැබූ යුද අපරාධ චෝදනා ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවට අදාලව 46 වැනි සමුළුවට ඉදිරිපත් කෙරුනු මහකොමසාරිස් වාර්තාවට සහ ඒ මත පදනම්ව ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වූ 46/1 යෝජනාව කරුණු සහිතව ප්‍රතික්ෂේප කිරීමද ඉතා තර්කානුකූල වේ.එම සෘජු සහ නිර්භීත තීන්දුව සහ ක්‍රියාමාර්ග පිළිබඳව අප ගරු විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ රජයට හිසනමා ආචාර කරමු. ඊට අමතරව ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ 46/1 යෝජනාවට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවට විවිධ පාර්ශව විසින් ඇටවූ උගුල් වලට විදේශ අමාත්‍යවරයා විසින් පය නොතැබීම ද අප ඉතා ඉහළින් අගය කරමු.

නමුත් මෙවර සමුළුවේදී මහකොමසාරිස් වාර්තාව මගින් ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි තීන්දු ගත යුතු බවට නිර්දේශ කිරීම සහ යුද අපරාධ චෝදනා වලට අදාල සාක්ෂි ගොනු කිරීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවීම ඉතා බරපතල තත්වයකි. එම යාන්ත්‍රණය සඳහා මේ වන විට මුදල් වෙන්කොට එය ඉදිරියට ගෙන යාම සඳහා මහකොමසාරිස් කාර්යාලය විසින් ඉතා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී එම සාක්ෂි විශ්වාසනීය සාක්ෂි ලෙස තහවුරු කොට ඒවා උපයෝගීකොට ගනිමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත.

පසුගිය රජය යටතේ ඒ සඳහා යොදා ගැනීමට සැලසුම්කොට තිබුණේ අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය බව ඉතා පැහැදිලිය. සාක්ෂි ආඥාපනත අදාල නොවන අර්ධ අධිකරණ බලය සහිත එම ආයතනය මඟින් ඊනියා අතුරුදන්වීම් පදනම්කොටගෙන ආරක්ෂක හමුදා නායකයින්ට චෝදනා ගොණු කිරීමේ හැකියාව තිබුණි. නමුත් එදා රජයේ ජනාධිපතිවරයා විසින් එම ක්‍රියාවලිය තමා යටතේ ඉදිරියට ගෙන යාමට ඉඩ නොදුන් බැවින් ඒ මගින් අපේක්ෂිත අරමුණ ඉටු කර ගැනීමට නොහැකි විය.

ඒ අනුව දැන් සාක්ෂි ගොණු කොට චෝදනා ඉදිරිපත් කිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවනු ලබන්නේ අතුරුදන් වූවන්ගේ කාර්යාලය මගින් ඉටු කර ගැනීමට නොහැකි වූ අරමණු ඉටු කර ගැනීමට බව ඉතා පැහැදිලිය. එම තත්වය තුල යස්මින් සුකා වැනි පුද්ගලයින් විසින් රණවිරුවන් 57 දෙනෙකුට එරෙහිව ගොනු කොට ඇති බව කියන චෝදනා හා ඊට අදාල සාක්ෂි වලට නීත්‍යානුකූලභාවය ලබා දීම ඒ මගින් සිදු වේ. එවිට ඒ මත පදනම්ව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කරන විට රණවිරුවන් පිටුවහල් කරන ලෙස ශ්‍රී ලංකාවට ඉල්ලීම් ඉදිරිපත් කෙරෙන අතර ඔවුනට ජාත්‍යන්තර ගමන් අත්හිටුවීමට සිදුවේ. එම ක්‍රියාවලියට පහසුකම් සැපයීම සඳහා පසුගිය රජය විසින් පිටුවහල් නීති 02ක් සංශෝධනය කරනු ලැබීය.

මෙම තත්වයට මුහුණ දීම සඳහා කළ හැකි සහ කළ යුතු පළමු ක්‍රියාව වන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් යුද අපරාධ සිදු නොකළ බවට කරුණුමය සහ නීතිමය සාක්ෂි නිල වශයෙන් මානව හිමිකම් සමුළුව හරහා ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා ගැනීමය. එසේ සොභාවික යුක්තිය හෙවත් චෝදනා එල්ලවූ විට පිළිතුරු බැඳීමේ අවස්ථාව ඉල්ලා සිටීම කිසිදු රාජ්‍යයකට ප්‍රතික්ෂේප කළ නොහැක. ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

අවසාන වශයෙන් ජනාධිපතිතුමාට සහ රජයට පැවසියයුත්තේ යහපාලන රජය සමඅනුග්‍රහය දක්වා යුදඅපරධ වැළඳගත් ජිනීවා මරඋගුලෙන් ගැලවීම ඔබතුමන්ලා බින්දුවෙන් ආරම්භකළ යුතුනොවන බවයි. ඒ පිළිබඳව ජාතික සංවිධාන විසින් අතිවිශාල වැඩකොටසක් ඉටුකරඇත. ඔබතුමන්ලා එතැනසිට යෂ්ඨිය රැගෙන ඉදිරියට යන්න. ඒ සඳහා නිවැරදි පුද්ගලයින්, නිවැරදි සංවිධාන සහ නිවැරදි මතවාදය තෝරාගැනීමට ඔබතුමන්ලාට හැකිවේවායැයි ප්‍රාර්ථනා කරමු.

මෙයට,

ගෝලීය ශ්‍රීලාංකික සංසදය – විධායක සභාව

යසස් ධර්මදාස
ලේකම් – විධායක සභාව

එරික් මාකේවිට
සභාපති – ස්විට්සර්ලන්තය

සේනක රාජපක්ෂ
සභාපති – පෝලන්තය

ජගත් චන්ද්‍රවංශ
සභාපති – රුසියාව

ලලිත් ප්‍රේමලාල්
සභාපති – අයර්ලන්තය

ප්‍රසංග ජයමාන්න
සභාපති – මහාබ්‍රිතාන්‍යය

නුවන් බැල්ලන්තුඩාව
නේවාසික නියෝජිත – ශ්‍රීලංකාව

ජෙයරාජ් පලිහවඩන
ලේකම් – මහා බ්‍රිතාන්‍යය

රාජා ෆනැන්ඩුපුල්ලේ
සභාපති – ස්වීඩන්

චානක කුරේරා
සභාපති – කැනඩා

රන්ජන් සහබන්දු
ලේකම් – එක්සත් අරාබි එමීරය

 පිටපත්:

ගරු අගමැතිතුමා

  • ගරු විදේශ කටයුතු ඇමතිතුමා
  • ගරු සරත් වීරසේකර ඇමතිතුමා (මහජන ආරක්ෂක අමාත්‍යාංශය)
  • ගරු මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීතුමා  , සියලුම ජනමාධ්‍ය ආයත


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More