රජය corona උවදුර මැඩලීම සඳහා සහ අවශ්‍ය රෝහල් පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් ආයුර්වේද රෝහල් කිහිපයක් කෝවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේ මධ්‍යස්ථාන වශයෙන් වෙන්කර ඇත. එය කාලෝචිත පැසසිය යුතු කටයුත්තකි.
මහා බ්‍රිතාන්‍යයේ ද ආයුර්වේද වෛද්‍ය සභාවක් පිහිටුවා ඇති අතර විවිධ රටවලින් මහා බ්‍රිතාන්‍යයට පැමිණි වෛද්‍යවරුන් හට ඒ ඒ රටවල් වල පාරම්පරික සහ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම රෝගී සත්කාර සේවාවන් සඳහා අවසර දී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඒ ඒ රටවල භාවිතා වන පාරම්පරික හා දේශීය වෛද්‍ය සත්කාර සේවාවන්වල ඇති වටිනාකම අවබෝධ කරගෙන ඒ සඳහා මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර ඇත.
චීන මහජන සමූහාණ්ඩුව 60% ක් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඔවුන්ට ආවේණික දේශීය ඖෂධ භාවිතා කර ඇති අතර දේශීය හෙළ වෙදකමට විශාල ඉතිහාසයක් සහිත අප අමතක කර ඇත.
වියට්නාමය සහ තායිලන්තය වැනි රටවල් පවා එවැනි ක්‍රම අනුගමනය කරමින් කෝවඩ් වසංගතය මැඬලීම සඳහා ඇවැසි කටයුතු කරමින් සිටින පසුබිමක කල්ගත වී හෝ ශ්‍රී ලංකාව එවැනි ක්‍රම අනුගමනය කිරීමට සූදානම් වීම ගැන අප පැසසිය යුතුය.
එසේම එයට නායකත්වය දුන් රජයේ සෞඛ්‍ය අංශ බලධාරීන් මෙන්ම වත්මන් රජයටද ස්තුති වන්ත විය යුතුව ඇත.
එසේම එම රෝහල් වලට ඇතුළත් වන රෝගීන්ට දේශීය ආයුර්වේද සූත්‍ර කමිටුව මගින් අනුමත කර ඇති ඖෂධ වර්ග පහළොවක් පමණ ඇති බව දැනගන්නට ලැබී ඇති අතර ඒවා එම රෝගීන්ට ක්‍රමානුකූලව ලබා දිය යුතුව ඇත.
එම අනුමත කර ඇති බෙහෙත් වර්ග රෝගීන්ට ලබා දීම පමණක් නොව එම රෝගීන් ලැයිස්තුගත කර,ඔවුන්ගේ වයස ,
රෝගී තත්ත්වය,ඇතිව තිබූ නිදන්ගත රෝග, රෝග සුවවීමේ කාල සීමාව,එම රෝගීන්ට ලබාදුන් ආහාරපාන සියලු දේ සම්බන්ධව වාර්තා සැකසිය යුතුව ඇත.
එමගින් රෝග සුවවීමේ ප්‍රවණතාවය හෝ ඊට අදාළ බෙහෙත් සායනික පරීක්ෂාවක් මගින් දේශීය හා ආයුර්වේද වෙදකම කොරෝනා රෝගින් වෙනුවෙන් යහපත් හෝ අයහපත් බවට හඳුනාගත හැකි අතර එය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ද වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.
එසේම එමගින් හඳුනාගත් බෙහෙත් ලෝකයේ අනෙකුත් කොරෝන අර්බුදයෙන් පීඩා විඳින රටවලට පවා අපනයනය කිරීමට ද හැකියාවක් ලැබෙනු ඇත.
එමගින් හඳුනාගත් බෙහෙත් රටේ කෝවඩ් අර්බුදය මැඩලීම සඳහා වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.
ඒ වෙනුවෙන් වඩාත් සුපරික්ෂාකාරී ක්‍රමවේද අනුගමනය කරමින් රටට යහපත් හෙට දවසක් උදා කරලීම සඳහා සියලු බටහිර හා මෙරට දේශීය වෛද්‍යවරුන්ගේ ඇප කැපවීම අප මේ අවස්ථාවේ රටක් වශයෙන් ඉටුවනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
එසේම මේ සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමුවනු ඇතැයි බලාපොරොත්තු වෙමු!
වසන්ත අල්විස්
කැඳවුම්කරු
මහජන යුතුකම් කේන්ද්‍රය
https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://www.britishayurvedicmedcouncil.com/&ved=2ahUKEwjdo_na-rPwAhVOWysKHSIFBocQFjAAegQIGBAC&usg=AOvVaw1Tj_Sq4bTZuFDRZXUJDl1X
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...