මාලදිවයින් රාජ්‍යයේ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් මහතාගේ නිල රථය ආසන්නයේ ඊයේ(06) රාත්‍රී 08:30ට බෝම්බයක් පුපුරා ගොස් ඇති බව “ඉන්ඩියන් එක්ස්ප්‍රස්” පුවත් සේවය වාර්තා කර සිටී.
සිද්ධියෙන් මොහොමඩ් නෂීඩ් මහතා තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පවසන එම පුවත් සේවය පවසන්නේ මාලදිවයින් රාජ්‍යයේ තරුණ සහ ප්‍රජාව බල ගැන්වීමේ අමාත්‍යය අහමඩ් මහලූෆ් මහතා සිද්ධියෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් සොයා බලමින් පවතින බව පැවසූ බවයි.
පසුගියදා මෙරට මාධ්‍යය වාර්තා කර තිබුනේ ගලබොඩ අත්තේ ඥානසාර හිමි ඝාතනය කිරීම පිණිස මාලදිවයින් ජාතිකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි. මාලදිවයින ඉස්ලාම් අන්තවාදයේ තෝතැන්නක් බවට පත්වී ඇති බව ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් කරුණු සොයා බලන විද්වතුන්ගේ මතයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...