දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය සමග සහයෝගයෙන් ඉදිරියේදී විපක්ෂයේ කටයුතු කරගෙන යෑමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග 16 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායම අද (23) පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණි බව එම මන්ත්‍රී කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ලක්බිමට පැවැසීය.

ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන එන රටට අහිතකර අණපනත්වලදී ඒවාට විරුද්ධව කටයුතු කිරීමටත් හිතකර පනත්වලදී ඊට සහයෝගය ලබාදීමටත් මෙහිදී එකඟ වූ බව හෙතෙම සඳහන් කළේය.

මේ වන විට ‍පොහොට්ටුව යටතේ පුළුල් සන්ධානයක් ගොඩ නැගී ඇති බවත් එවැනි සන්ධානයක් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට විපක්ෂයේ කණ්ඩායමකට බාධාවක් නැති බවත් මේ පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය. හිටලු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම නිල නිවසේ පැවැති එම සාකච්ඡාව සඳහා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරු 16 දෙනාගෙන් 15ක් සහභාගි වී ඇත. මේ වන විට විදෙස්ගතව සිටින අනුර ප්‍රියදර්ශන යාපා මහතා පමණක් ඊට සහභාගි වී නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More