දේශීය පුවත්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා අද(24) වන විට දිස්ත්‍රික්ක 19 ක ගංවතුර සහ නායයාම් ආපදා තත්ත්වයක් උද්ගත වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙම දිස්ත්‍රික්ක 19 තුළ පවුල් 31,822 ක 124,733 ක් පීඩාවට පත්වී ඇත.

ආපදා නිසා සිදුවු මරණ සංඛ්‍යාව 12 ක් වන අතර, ආපදා හේතුවෙන් නිවාස 43 ක පුර්ණ හානි සිදු වී ඇති අතර නිවාස 3,172 ක් අර්ධ වශයෙන් හානි වී ඇත.

අද උදෑසන9.00 ට වාර්තාවන අන්දමට පවුල් 14,500 ක 56472 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 246 ක තාවකාලිකව රදවා ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අද පෙ.ව.06.30ට නිකුත් කරන ලද වාර්තාවට අනුව කැලණි ගඟේ ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත.

නාගලන්වීදිය ජල මාපකයන් ආශ්‍රිත ප්‍රදේශ අවදානම් මට්ටමේ පවතී.

නෝර්වුඩ් මාපකයේ අවදානම් මට්ටමට පැමිණ ඇති අතර, කඵ ගඟ රත්නපුර, ඇල්ලගාව හා පුටුපවුල ප්‍රදේශයේ ගංවතුර තරමක් අඩු වෙමින් පවතියි.

නිල්වලා ගඟේ පානදුගම ආශ්‍රිත ගංවතුර අඩු වෙමින් පවතින අතර අත්තනුගලු ඔය දූනමලේ ප්‍රදේශ ගංවතුර අඩු වෙමින් පවතියි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ(23) පස්වරු 16.00 වාර්ථාවට අනුව රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, කඵතර හා ගාල්ල දිස්ත්‍රික්ක සඳහා නාය යෑම්, බෑම් කඩා වැටිම්, ගල් පෙරලීම් හා පස් කණ්ඩි කඩා වැටීමේ අවධානම පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇත.

එසේම බදුල්ල, කුරුණෑගල, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහා නාය යෑම්, බෑවුම් කඩා වැටිම්, ගල් පෙරලීම් හා පස් කණ්ඩි කඩා වැටීමේ අවධානම පිළිබඳ විමසිලිමත් වීම පිළිබඳ නිවේදන නිකුත් කර ඇත.

කුකුලේ ගඟ ජලාශය(වාන් දොරටු 01ක්) උඩවලව ජලාශයේ වාන් දොරටු 01ක්, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 01ක්, දැදුරු ඔයේ වාන් දොරටු 02 ක්, රාජාංගනය ජලාශයේ වාන් දොරටු 02ක් සහ තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More