මංගල සමරවීර අමාත්‍යවරයා දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාට විවාදයකට එන්නැයි අභියෝග කිරීම හාස්‍යජනක බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද (24)කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයෝ මේ බව පවසා සිටියහ.
”ඔහු රට ගැන හෝ තමා ගැන ගරුත්වයක් නැති පුද්ගලයෙකි. ඔහු ජිනීවා මානව හිමික‘ම් සමුළුවේදී හුසේන් කුමාරයා අබියස දනින් වැටී තම රටේ ආරක්ෂක හමුදා යුද අපරාධ කළ බවට ස්තූති පූර්වකව පිළිගත් අයෙකි. එවැනි නිවට පෞර්ෂ ආබාධ සහිත ඇමතිවරුන්ට විදේශ ඇමතිකම් දුන්නෙ මොන රටේද?
ටැමිල්නෙට් වෙබ් අඩවියට අනුව ඔහු 2013 දී බෙදුම්වාදීන් සමග සිංගප්පූරු එකගතාවය ඇති කරගන්නා අවස්ථාවේ ඔවුන් අභියස හිගන්නෙක් සේ බැගෑපත්වී ඇත. ඔහු මානව හිමිකම් සමුළුවේදී පෙන්වන්නේ ඔහුගේ හිගන ගුණය බව පැහැදිලිව පෙනුනි. ”
එනිසා එවැන් පුද්ගලයන් සමග විවාදයට නොයන ලෙස ඉල්ලා සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ නියමුවන් වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...