නව ව්‍යවස්ථාවට ඡන්දය දෙන මැති ඇමතිවරුන් දේශද්‍රෝහීන් බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
ජිනීවා නුවර පැවති මානව හිමිකම් කොමිසමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් තමන් ඇතුළු පිරිසක් සහභාගී වූයේ ලංකාවට එල්ල වී ඇති චෝදනා අසත්‍ය ඒවා බව සාක්ෂි සහිතව ඔප්පු කිරීමට මිස දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් නොවන බව ද ඒ මහතා කියයි.
රජය මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාවක් මගින් රට දෙකඩ කිරීමට සිදුව ඇතැයි කී සරත් වීරසේකර මහතා එයට ඡන්දය ලබාදෙන මන්ත්‍රීවරුන්ට විශාල වශයෙන් මුදල් ලබාදීමට දෙමළ ඩයස්පෝරාව කටයුතු කරගෙන යන බවට තොරතුරු ඇතැයි ද පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ නාවල රාජගිරිය පාරේ පිහිටි ජාතික සංවිධාන සම්මේලන මූලස්ථානයේ දී ඊයේ (10) පැවති මාධ්‍යය හමුවක් අමතමිනි.
වීඩියෝව පහතින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...