දේශීය පුවත්

ඉතිහාසයේ රට පවා දුන් අය නැවත ඉපදී රට පවා දෙමින් සිටන බව ඊයේ(24) ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවට එක්වෙමින් නීතිඥ කල්‍යානන්ද තිරානගම මහතා පැවසීය. අසමේදු – රනිල් වික‍්‍රමසිංහ, කාලිංගමාග – මෛති‍්‍රපාල, ජොන් ඩොයිලි – අනුර දිසානායක ලෙස එසේ ඉපදී ඇති බව තිරානගම මහතා වැඩිදුරටත් සදහන් කළේය.

මේ රටේ ජන සංහාරයක්‌ සිද්ධ වූ බවට චෝදනා කරනවා. සාමාන්‍යයෙන් ඉංගී්‍රසි භාෂාවෙන් පුද්ගලයන් සංඛ්‍යාවක්‌ ඝාතනය කිරීම හඳුන්වන්නේ ,මැසඩ, කියල. නමුත් දෙමළ බෙදුම්වාදීන් උතුරේ සිදුවූ බව කියන සිදුවීම් ඉංගී්‍රසි බසින් හඳුන්වන්නේ ජෙනොසයිඩ් කියල. එම වචනය යොදා ගන්නේ ජාතියක්‌ විසින් තවත් ජාතියක්‌ විනාශ කිරීම හැඳින්වීම සඳහා තමයි. මෙම හැඳින්වීම ඉතා භයානක ප්‍රතිඵල ඇතිවන තත්ත්වයක්‌. ජාතියක්‌ විසින් තවත් ජාතියක්‌ විනාශ කිරීම යුද අපරාධයක්‌. එබඳු අවස්‌ථාවකදී ජාත්‍යන්තරය මැදිහත් වීමකට අවස්‌ථාව තිබෙනවා. පසුගිය දිනවලදී ශිවාජිලිංගම්ලාල විග්නේෂ්වරම්ලා ජාත්‍යන්තර මැදිහත් වීමක්‌ ඉල්ලා සිටියේ එම කරුණු පදනම් කරගෙන තමයි. මෙම තත්ත්වය නිසා රට බිහිසුණු අනතුරකට පත්වී තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More