දේශීය පුවත්

“පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කඩුවෙල ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායකවරයා අපව යොදා ගත්තේ රසායනාගාරවල මීයන් ලෙසින්. ඉන් සිදුවූයේ මීයන් වූ අප ජීවිතක්‍ෂයට පත්වීම” යෑයි කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා ප්‍රකාශ කර ඇත.

යහපාලන රජයේ ඇමැති ධුරයක්‌ ලබාගත් සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ඔහුගේ බිරිය ජපානයේ දස දිනක සංචාරයක නිරතවූ බවත් එම සංචාරය නිමවී මෙරටට පැමිණීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයකු බවත්, තමාට හා බිරියට එවන් සංචාරයක්‌ ලැබුණේ ඔහු නිසා බවත් තමා සමඟ පැවැසූ බවත් බුද්ධදාස මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්‍ෂගේ සමයේ තමාට කිසිදු සංචාරයක්‌ නොලැබුණු බව ප්‍රේමජයන්ත මහතා එදා පැවැසූ බවත් අද ඔහු ශ්‍රීලනිපය දියකර හැරීමේ මෙහෙයුම ගෙන යන බවටද බුද්ධදාස මහතා චෝදනා කළේය.

සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ දැන් අරමුණ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර මන්ත්‍රීවරයකු වීම බවත් කඩුවෙල ජනතාව ඊට රැවටෙන්නේ නැති බවත් හිටපු නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එහෙත් කඩුවෙල ශ්‍රීලනිප ජනතාව පක්‍ෂය හැර යන්නේ නැති බවද හෙතෙම කියා සිටියේය. සුසිල් ප්‍රේමජයන්ත මහතා අද අනුගමනය කරන ක්‍රියාවලිය හදවතට එකඟව ගත් තීරණයක්‌ද යන්න කඩුවෙල ජනතාව විමසිලිමත් වන බවද බුද්ධදාස මහතා කියා සිටියේය.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More