හම්බන්තොට විරෝධතාවට එක්‌වූ පුරවැසියකුට මහමගදී කනේ පහරක් ගැසූ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කරනවා වෙනුවට ජාතික පොලිස් කොමිසම විසින් පොලිස්‌පතිවරයාගෙන් වාර්තාවක් ලබාගැනීම විහිළුවට කරුණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.
ජාතික පොලිස් කොමිසම ස්‌වාධීන නම් මුළු රටම දුටු එම සිද්ධිය පිළිබඳව පොලිස්‌පතිවරයාගෙන් වාර්තාවක් ලබාගන්නේ කුමටදැයි විමසා සිටි මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට දැඩි විරෝධය පළකරන බව ද පැවසීය.
පුරවැසියකුට මේ අයුරින් මහමගදී කනේ පහරක් ගැසීමට මෙරට නීතිය යටතේ කිසිම බලයක් හෝ අයිතියක් පොලිස් නිලධාරියකුට නැති බවත් පහර දුන් සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන දණ්‌ඩනීති සංග්‍රහය යටතේ කටයුතු කළයුතු බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
පුංචි බොරැල්ල වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්‌ථානයේ ඊයේ (10 දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මේ බව සඳහන් කළේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...