දේශීය පුවත්

මහ බැංකු මුදල් හොරකමේ මහ මොළකරු අගමැති රනිල් වික්‍රමසිංහ බවත් එය දැන ගැනීමෙන් පසුව එම හොරකමට විරුද්ධව එළියට බැසීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට උපදෙස් දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක පවසයි.

ඊයේ (26) මාතර උයන්වත්ත ක්‍රිඩාංගනයේ පැවති හෘද සාක්ෂියේ නිදහස ජන රැලිය අමතමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියේය.

“ශ්‍රි ලංකා මහ බැංකුවේ හොරකම ආවම අපේ පක්ෂය එලියට බැස්සා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බහින්න කිව්වා. අපි දන්නවා මේකේ මහා වැරදිකාරයා, මහ මොළකාරයා අගමැති රනිල් වික්‍රමසිංහ කියලා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය එක්ක ඉන්න ඉන්න ඉන්න අපේ පක්ෂය කුණු වෙනවා. තව වැඩිකල් යන්න මත්තෙන් අපි ඔය පැත්තෙන් තව 10 ක් විතර ගන්නවා විපක්ෂයට. නිල වශයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික රජයෙන් ඉවත් කරලා නිල වශයෙන් විපක්ෂයට ගන්න දවස වැඩි ඈතක නෑ කියන එක මම ඒ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.” මන්ත්‍රිවරයා පවසා සිටියා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More