හිටපු රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් චූලානන්ද පෙරේරාට තනතුර අහිමි වූයේ ඔහු හිටපු ජනාධිපතිගේ මිනිසෙකු බවට ඇතිවූ සැකයක් මත බව වාර්තාවේ. චූලානන්නද පෙරේරා මහතා සිය දියණියගේ කේන්දරය බලවා ගැලනීම සදහා අනුරාධපුරයේ දෛවඥයෙක් වෙත ගෙන ගොස් ඇත. ඒ සමග ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කේන්දරයද රැුගෙන ගොස් ඇතැයි ආණ්ඩුවේ ඉහළට වාර්තාවී තිබේ.
පෙරේරා මහතා කැදවූ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඒ ගැන ඔහුගෙන් ප‍්‍රශ්න කර ඇත. චූලානන්ද පෙරේරා මහතා චෝදනාව ප‍්‍රතික්‍ෂ්ප කළද වහාම ක‍්‍රියාත්මක වන පරිදි රේගු අධ්‍යක්‍ෂක ජෙනරාල් ධූරයෙන් ඔහු ඉවත්කොට පරිපාලන නිලධාරීන්ගේ සංචිතයට ගැනීමට මංගල සමරවීර අමාත්‍යවරයා පියවර ගෙන තිබේ. මින් දැඩි කලකිරීමට පත්ව සිටින චූලානන්ද පෙරේරා මහතා රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ගැනීමේ සූදානමකින් පසුවන බව දැනගන්නට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...