දේශීය පුවත්

2020 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ අපේක්‌ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ගත් තීරණය කිසිදු හේතුවක්‌ නිසා වෙනස්‌ නොකරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මහ ලේකම් වාරිමාර්ග හා ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක පවසයි.

2020 දී ක්‍රියාකාරි දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇති නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයන්ට ජනාධිපති වීමට හින දකින වෙනත් දේශපාලන පක්‌ෂවල අපේක්‍ෂකයන් පසුපස යැමේ කිසිම අවශ්‍යතාවක්‌ නැති බවද හෙතෙම පැවසීය.

2020 ජනාධිපතිවරණයේදී උතුරෙත් දකුණෙත් ජනතාවගේ විශ්වාසය දිනා ගෙන ජයග්‍රහණය කළ හැකි එකම අපේක්‍ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා පමණක්‌ බවත් එම නිසා මුළු රටේම පොදු අපේක්‍ෂකයා බවට ඔහු පත්වන බවත් අවධාරණය කළේය. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය පිළිගන්නා සියලුම දෙනාගේ සහාය ඒ සඳහා ලබා ගන්නා බවද ඇමැතිවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More