මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය රටට ආශිර්වාදයක් බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
වැසි ඇදහැලීම වැඩිවන තරමට රටේ ආර්ථික වර්ධනයද වේගවත් වන බව පෙන්වා දෙන ඇමතිවරයා ජල විදුලිය නිශ්පාදනය කරන ජාලාශ පිරීයෑම නිසා, විදුලි නිෂ්පාදනයේදී ඛණිජ තෙල් සදහා වැයවන පිරිවැය විශාල වශයෙන් ඉතිරිකරගැනීමට හැකිවී තිබෙන බවද පවසයි.
කෙත් බිම යටවන නිසා ඒවා සරුසාර වන බවත්, තේ, පොල්, රබර් ඵලදාව වැඩිවී කෘෂි අපනයන ආදායම ඉහළ යන බවද ඇමතිවරයා සදහන් කරයි.
කෙසේ වුවද පසුගිය දින කිහිපය පුරා දිවයිනට බලපා තිබෙන අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ ගණනාව ජන ජීවිතය මුළුමනින්ම අඩාල වී තිබෙන අතර, පුද්ගලයන් එක්ලක්ෂ පනස්දහසකට වැඩි ප්‍රමාණයක් අවතැන් වී තිබේ. පුද්ගල මරණ 16ක්ද වාර්තා වෙයි.
මහ වැස්ස නිසා ආර්ථික වර්ධනය වේගවත් කර ගන්න පුළුවන් – අධ්‍යාපන ඇමති
මහ වැස්ස නිසා ආර්ථික වර්ධනය වේගවත් කර ගන්න පුළුවන් – අධ්‍යාපන ඇමති#lka #AkilaViraj #Rain #Economic
Gepostet von Newsfirst.lk am Freitag, 25. Mai 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...