දේශීය පුවත්

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන ලද යෝජනාව සම්බන්ධයෙන් ලබන බදාදා (30) දින ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්ව තීරණයක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) බළපිටියේදී ප්‍රකාශ කළේය.

මෙම යෝජනාව සැබෑ ලෙසම එන්නේ කොහෙන්ද යන්න සම්බන්ධයෙන්ද එහි සැබෑ වුවමනාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පමණක්ද යන්න සම්බන්ධයෙන්ද මෙහිදී සොයා බලන බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.

විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන්න ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (25) පනතක් ගෙනාවා. සමහර අය මේ ගැන නොයෙක් කතා කියනවා. මේවා කොහෙන්ද එන්නේ කියල අපි සොයා බලන්න ඕනෑ. මේ වෙලාවේ ගේන්නේ ඇයිද කියන එකත් සොයා බලන්න ඕනෑ. අපි ලබන බදාදා (30) දිනයේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් රැස් වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගන්නවා. මේ සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් කරුණු සොයා බලනවා. අපි සෑම විටම තීන්දු ගන්නේ රට ගැන හිතල යැයිද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

– ජයකාන්ත ලියනගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More