ජලයෙන් කොටුවි සිටි පවුලක් බේරා ගැනීමට ගොස් ජල පහරකට හසුවී අතුරුදහන්වූ පොලිස් නිලධාරියාගේ මළ සිරුර නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව අතුරුදහන් වූ ස්ථානයේ සිට මීටර් 200 ක් පමණ එහායින් තිබී නාවික හමුදාව විසින් අද (27) උදෑසන සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ මාදම්පේ පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් 88587 දසනායක පතිරැන්නැහැලාගේ ඩිලාන් සම්පත් නම් වූ 29 හැවිරිදි අයෙක්.
අවිවාහකයෙකු වන ඔහු ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු මෙම පොලිස් නිලධාරියා විසින් බේරා ගැනීමට උත්සහ කිරීමේ දී ඔහු මෙලෙස ගසා ගෙන ගොස් තිබුණා.
පසුගිය 25 වනදා දහවල් මාදම්පේ පොලිස් වසමේ ගල්මුරුව ගල් වල පාර ප්‍රදේශයේ ජලයෙන් කොටුවී සිටි දරු පවුලක් බේරා ගැනීම සඳහා ජලයේ පීනා යමින් සිටියදී පොලිස් කොස්තාපල්වරයා අතුරුදහන් වී තිබුණා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...