දිරියේදී පැවැත්වීමට නියමිත සියලුම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙලුම් පොහොට්ටුව යටතේ තරග කරන බව එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.
ජනාධිපති මැතිවරණය පාර්ලිමේන්තු මහ මැතිවරණය පළාත් සභා මැතිවරණය ආදී සියලුම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙලුම් පොහොට්ටු යටතේ තරග කරන බවත් ඒ සඳහා එක්වන ඕනෑම අයකුට ඒ සඳහා එකඟතාවයට එළඹිය යුතු බව ද කිසිදු ආකාරයෙන් එම පක්ෂය දියාරු කිරීමට ඉඩ ලබා නොදෙන බවද හෙතෙම සඳහන් කළේය .
එකම නායකත්වය යටතේ තම පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගත යුතු බවත් ඒ ඕනෑම කෙනෙකුට එහි දොරටු විවෘත බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.
මහාචාර්ය ජී .එල්. පීරිස් මහතා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක රංගිරි දඹුලු රජමහා විහාර භාරකාර අඹගස්වැවේ රාහුල නාහිමියන් බැහැදැකීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ මේ බව සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...