ජනතා විමුක්ති පෙරමුණ විසින් යෝජනා කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධවීමට ඒකාබද්ධ විපක්ෂයේ අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ ඔහුගේ නිල නිවසේදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී මෙම තීරණය ගෙන ඇත.
මෙම යෝජනාව මගින් උත්සාහ කරන්නේ මැතිවරණ සිතියම අකුලා දැමීමත්, රනිල් වික‍්‍රමසිංහට බලය දීමටත් යයි මහින්ද රාජපක්‍ෂ මහතා සාකච්චාව ආරම්භයේදීම සදහන් කරමින් මෙම යෝජනාවට එකහෙලාම විරුද්ද විය යයිද සදහන් කර තිබේ.
ඒකාබද්ද විපක්‍ෂයේ කිසිදු පක්‍ෂ නායකයෙක් ඊට විරෝධයක් දක්වා නැති අතර ඒ අනුව එම යෝජනාව පරාජය කිරීම සදහා ඡන්දය ලබා දීමට ඒකමතිකව තීරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...