ලෝක ප්‍රසිද්ධ මැකෆී(McAfee) ප්‍රති වෛරස මෘදුකාංගයේ නිර්මාතෘ ජෝන් මැකෆී මහතා ඔහු රඳවා සිටි ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර සිර මැදිරියකදී සියදිවි නසා ගෙන ඇති බව විදෙස් ප්රවෘත්ති සේවා වාර්තා කර සිටී.
මිය යන විට ජෝන් මැකෆී මහතා 75වන වියේ පසුවූ බව වාර්තාවේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ස්පාඤ්ඤයේ බාසිලෝනා ගුවන් තොටුපලේදී අත් අඩංගුවට පත් වන ඒ මහතා බදු වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව තිබුණි.
ඔහුගේ නීතිඥයන් චෝදනා කරන්නේ දිගු කාලයක් ඇප දීමෙන් තොරව සිර ගත කර තැබීම හේතුවෙන් ඒ මහතා සිය දිවි හානි කර ගැනීමට පෙළඹී ඇති බවයි. කෙසේ වුවද ඔහුට නැගුණු චෝදනා ඔප්පු වූයේ නම් ඔහු වසර 30ක සිර දඬුවමකට යටත් වීමට නියමිතව තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...