දේශීය පුවත්

එළඹෙන පාර්ලිමේන්තු සතිය ආරම්භක දිනයේදී අර්ජුන් ඇලෝසියස් නැමැත්තාගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 118 ගේ නම් ලයිස්තුව ඉදිරිපත් කර මෙම වංචාවට කිසිසේත්ම සම්බන්ධ නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් අද(31) ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ගරු කථානායකතුමන් වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.
එම ලිපිය පහතින්…

ගරු කථානායකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.

ගරු කතානායකතුමනි,

අර්ජුන් ඇලෝසියස් වෙතින් මුදල් ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කර දීම

මහ බැංකු බැඳුම්කර වංචාවෙහි ප්‍රධාන චූදිතයකු වන අර්ජුන් ඇලෝසියස් නැමැත්තාගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 118කගේ ලයිස්තුවක් පිළිබඳව ප්‍රකාශයට පත්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම රට හමුවේ සැකයටත්, ගර්හාවටත් පත්ව ඇත.

එය මෙම සිදුවීමට කිසිදු අයුරකින් සම්බන්ධයක් නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වූ අවස්ථාවක් බව ද පෙන්වා දීමට කැමැත්තෙමි. එහෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කිරිමේ වගකීම සතු ඔබතුමන්ගේ අවධානය ඒ කෙරෙහි දැනටමත් යොමුව ඇතැයි සිතමි.

ඉදිරි පාර්ලිමේන්තු සතිය ආරම්භක දිනයේ දී ඉහත කී අර්ජුන් ඇලෝසියස් නැමැත්තාගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 118 දෙනාගේ ලයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි වේ නම්, ඉන් මෙම ගැටළුවට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇත. මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙහි පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලද පිටුවල මෙම නම් 118 සඳහන්ව ඇති බව ද අනාවරණය වී ඇති නිසා ජනාධිපති ලේකම්වරයා වෙතින් එදිනට මෙම ලයිස්තුව ලබා ගැනීමට අපහසු නොවනු ඇත.

එබැවින් එළඹෙන පාර්ලිමේන්තු සතිය ආරම්භක දිනයේදී මෙම නම් ලයිස්තුව ඉදිරිපත් කර මෙම වංචාවට කිසිසේත්ම සම්බන්ධ නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට ඔබතුමන් කටයුතු කරනු ඇතැයි හුදෙක්ම අපේක්ෂා කරමි.

ස්තූතියි.

මෙයට,
විශ්වාසී, විමල් වීරවංශ (පා.ම)
නායක, ජාතික නිදහස් පෙරමුණ.
2018-05-31



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More