විදේශ පුවත්

ඊශ්‍රායල සයිබර් පර්යේෂකයන් දෙදෙනකු අනාවරණය කළ පරිදි සමාගම් දෙදහසකට අදාළ ප්‍රමාණයකගේ සර්වර් ජාලයන් මේ වන විට සයිබර් ප්‍රහාරයකට හසු වී ඇති අතර එම සමාගම් නම් වශයෙන් ප්‍රසිද්ධ කර නොමැත.

මේවා සෞඛ්‍යය, සංචාරක, සන්නිවේදන සහ අධ්‍යාපනික යන කාණ්ඩයන්ට අයත් සමාගම් බව වාර්තා වේ.

ලියාඩ් මෝඩෙකොවිට්ස් සහ ඔෆිර් හාපස් නම් මෙම පර්යේෂකයන් දෙදෙනා පවසනුයේ මෙම සමාගම් දෙදහසට අදාළ සර්වර් පරිගණකයන් ලොව වටා ස්ථාන 1300ක ඇති බවයි.

රෝහල්, හෝටල්, පාසල්, විශ්වවිද්‍යාල සහ අනෙකුත් අධ්‍යාපන ආයතන මෙන්ම රාජ්‍ය ආයතනද මෙම ප්‍රහාරයට ලක් වී ඇති බවත් මෙම ප්‍රහාරයට ලක් වූ සර්වර් ජාලයන් වැඩි වශයෙන් ඇමරිකාව, වියට්නාමය සහ ඉන්දියාව යන රටවල් වල පිහිටි ඒවා බවත් විදෙස් මාධ්‍යයන් වාර්තා කරයි.

මයික්‍රොසොෆ්ට් සමාගමෙහි සර්වර් පණිවිඩ අවහිර කිරීමේ ප්‍රොටෝකෝලයෙහි (Server Message Block – SMB) ඇති දෝෂයක් නිසාවෙන් ආරක්ෂණ පද්ධතියේ ඇති වූ හිඩැසක් හරහා මෙම ප්‍රහාරය දියත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

අන් අය සමග බෙදාගත් ගොනු සඳහා අනවශ්‍ය පුද්ගලයින් ඇතුල් වීම වැනි දෑ වැළකීම සර්වර් පණිවිඩ අවහිර කිරීමේ ප්‍රොටෝකෝලයේ කර්යය වන අතර, දෝෂ සහිත ප්‍රොටෝකෝලයක් හේතුවෙන් අනවශ්‍ය පිටස්තර පුද්ගලයින්ට පුද්ගලික ගොනු වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලැබෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More