විදේශ පුවත්

බීජිංහි පැවති 09 වන ලෝක සාම සංසදයට සහභාගී වෙමින් චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා “පශ්චාත් වසංගත යුගයේ ජාත්‍යන්තර සහයෝගීතාව සහ බහු පාර්ශවිකත්වය සම්බන්දතාවයන් තහවුරු කිරීම හා ප්‍රගුණ කිරීම ” යන මාතෘකාව පෙරදැරිව දේශනයක් බීජිංහි ෂිංහුවා විශ්වවිද්යාලයේ දී අද (03) ආරම්භක උතසවයේදී සිදුකරන ලදි .

මෙම සමුළුව අමතමින් චීන විදේශ අමාත්‍යවරයා සමස්ත ලෝකයටම තර්ජනයක් වී ඇති කොවිඩ් වසංගතයට එරෙහිව එක්ව වැඩ කටයුතු කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවකින් ඉල්ලා සිටි අතර මෙහිදී වැංග් යී මහතා වැඩිදුරටත් සමුළුව අමතමින් ප්‍රකාශ කර සිටියේ ජපානයේ ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයේ ජලය සාගරයට දැමීමේ තීරණය නැවත සලකා බලන ලෙස ජපානයෙන් ඉල්ලා සිටින බවයි.

එමෙන්ම 2060 පමණ විට කාබන් මධ්‍යස්ථභාවය ලඟාකර ගැනීම චීනයේ ප්‍රධාන අභිප්‍රායක් බව වැන්ග් යී මෙහි දී අවධාරණය කර සිටි අතර ඔහු තවදුරටත් පවසා සිටියේ චීන ජාතිකයින් ශක්තිමත් ජාතියක් බවත් ඔවුන්ගේ අධිෂ්ඨානය හා කැපවීම අවතක්සේරු නොකළ යුතු බවත්ය.

කොවිඩ් 19 විකෘති ප්‍රභේදයක් වන ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ මෙම විකෘති ප්‍රභේදය නිසාවෙන් බොහෝ රටවල් පසුබෑමකට ලක්ව ඇති අතර එම තත්ත්වයෙන් මිදීම සඳහා දුර්මත වලින් තොරව ධනාත්මක මනසකින් යුතුව සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවම කටයුතු කලයුතු බවයි.

https://www.rt.com/news/528298-china-wall-of-immunity/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More