ප්‍රවීණ මෙන්ම සම්මානනීය බොලිවුඩ් නළු දිලිප් කුමාර් අද (7) උදෑසන මෙලොවින් සමුගත්තේය.
ඔහුගේ වයස 98 කි.
මුම්බායි හින්දුජා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දිලිප් කුමාර් මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ, අධි රුධිර පීඩනය සහ ස්වසන අපහසුතා හේතුවෙනි.
ඔහුගේ රුධිරයේ හිමෝග්ලොබින් අඩු වී ගිය බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිගින් දිගටම පිරිහුණු බවත් ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරු පවසයි.
1944 දී ‘ජවාර් භාතා’ චිත්‍රපටයෙන් රංගනයට පිවිසි දිලීප් කුමාර් චිත්‍රපට 65කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබාදී ඇතනළුවෙකු ලෙසත්, චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ලෙසත් ඉන්දීය සිනමාවට විශාල දායකත්වයක් ලබාදුන් දිලීප් කුමාර් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලකදී වැඩිම හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීම විශේෂත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...