දේශීය පුවත්

දිලිප් කුමාර් නොහොත් හින්දි සිනමාවේ සංකේතය ලෙස සලකන මොහොමඩ් යූසුෆ් කාන් ඊයේ අභාවප‍්‍රාප්ත විය.දිලිප් කුමාර් මහතා මියයන විට ඔහු 98 හැවිරිදි වියේ පසු වූ අතර ඒ මහතා චිත‍්‍රපට 65 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකවී වැඩිම සම්මාන ගණනක් හිමිකරගත්තෙකි. ඒ අනුව දිලිප් කුමාර් මහතා ගිනස් වාර්තාවක් තැබූ එකම නළුවා ලෙසද වාර්තාවක් තබා ඇත. ෆිල්ම් ෆෙයාර් සම්මානය අටවරක් දිනාගත් එකම හින්දි නළුවා වූයේ ද දිලිප් කුමාර් ය.

ප‍්‍රකට හින්දි නළු රාජ් කපුර්ගේ සමකාලීනයකු වූ දිලීප් කුමාර් මහතා භාෂා රැසක් චතුර ලෙස කතාකළ හැකි අයෙකු වන අතර ඉන්දීය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස ද කටයුතු කළේය.දිලීප් කුමාර් රඟපෑ චිත‍්‍රපට රැසක සංගීත අධ්‍යක්‍ෂකවරයා වූයේ මොහොමඩ් නෞෂාඩ්ය.

දිලිප් කුමාර් මහතා 1944 දී ජවාර් චිත‍්‍රපටයෙන් රිදී තිරියට අවතීර්ණ වූ අතර ප‍්‍රකට හින්දි නිළියක් වූ සයිරාබානු සමග විවාහ විය. වත්මන් පාකිස්තානයට අයත් සෙංගවාර් නගරයේ 12 දෙනකුගෙන් යුත් පවුලක උපත ලැබූ දිලිප් කුමාර් මහතා 1944 සහ 1998 කාලය අතර ඉන්දීය චිත‍්‍රපට රැසක විවිධ චරිතවලට රංගනයෙන් දායකත්වය දැක්වීය.

දිලිප්ගේ කුමාර මහතාගේ අවසන් කටයුතු ඊයේ (7 දා) සවස සිදු කෙරිණි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More