හයිටි ජනපති ජොවෙනල් මොයිස්ගේ ඝාතන කුමන්ත්‍රණයට ඇමෙරිකානුවන් දෙදෙනෙක් සහ කොලොම්බියානු ජාතිකයින් 26 දෙනෙකු වගකිවයුතු බව හයිටියේ ජාතික පොලිස් බලකාය සඳහන් කර සිටින අතර මෙයින් 11 දෙනෙකු තායිවාන් තානාපති කාර්‍යාලය පරිෂ්‍ර්‍යේදී අත් අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවේ .
හයිටි ජනපති ඝාතන කුමන්ත්‍රණ සැකකරුවන් 28 දෙනෙකු සම්බන්ධ අතර එයින් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් අනෙක් පිරිස බලධාරීන් සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවෙන් අනතුරුව මියගොස් ඇති බව හයිටි පොලිස් ප්‍රධානී ලියොන් චාල්ස් විදෙස් මාධ්‍යයට ප්‍රකාශ කර සිටි.
එහිදී අත්අඩංගුවට ගත් පිරිස අතර කොලම්බියානුවන් 15 ක් සහ ඇමරිකානුවන් දෙදෙනෙක් වන අතර සැකකරුවන් 8 දෙනෙකු සිද්ධියෙන් අනතුරුව පළාගොස් ඇති බවද වාර්තා වේ.
එමෙන්ම පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණ වලින් සැකකරුවන් ඝාතනයට භාවිතා කළ ආයුධ සහ අනෙකුත් මෙවලම්ද සොයා ගන්නා ලදී.
කොලොම්බියානු ආරක්ෂක ඇමති ඩියේගො මොලානෝ විදෙස් මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ හයිටි ජනපති ඝාතන සිද්ධියට තම රටේ ත්‍රිවිධ හමුදාවේ සිටි සාමාජිකයන් කිහිප දෙනෙකුද මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ බවටය.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජනපති ජොවෙනල් මොයිස්ගේ ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ඇමෙරිකානු පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්දැයි තමාට තහවුරු කළ නොහැකි බවත් ඒ පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා හයිටි බලධාරීන් සමග සම්බන්ධව කටයුතු කරන බවත්ය.
නමුත් හයිටි මැතිවරණ ඇමති මැතියස් පියරේ අත්අඩංගුවට ගත් ඇමරිකානු සැකකරුවන් දෙදෙනා ඇමරිකානු ජාතිකයින් බවට තහවුරු කළේය.
https://www.rt.com/news/528753-haiti-assassins-colombian-american/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...