විදේශ පුවත්

දකුණු අප්‍රිකානු හිටපු ජනපති ජේකොබ් සූමා එරට පොලීසියට භාරවී ඇති අතර ඒ ඔහුට පසුගියදා ලබාදුන් මාස 15ක සිරදඬුවමට අදාළව බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අධිකරණයට අපහාස කිරීම් චෝදනාව යටතේ පසුගිය දා එරට ඉහළ අධිකරණයක් විසින් සූමාට මාස 15ක සිරදඬුවමක් නියම කළේය.

ඔහු පොලීසියට භාර නොවුණහොත් ඔහුව අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අධිකරණ තීන්දුවෙන් පසු පොලීසිය අනතුරු අඟවන ලදී.

79 හැවිරිදි ජනාධිපතිවරයා දූෂණ චෝදනා සම්බන්ද නඩු විභාගයකට සහභාගී නොවීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙම අධිකරණ තීන්දුව ලබාදී තිබුණි.

එරට නීති ක්ෂේත්‍රය අර්බුදයකාරී තත්ත්වයකට පත් වූයේ එතෙක් කිසිඳු අවස්තාවක හිටපු ජනපතිවරයෙකුට එරෙහිව එරට අධිකරණය සිරදඬුවම් නියම කර නොතිබූ බැවිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More