හැකර්වරුන් විසින් ඉරානයේ දුම්රිය සේවා වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කොට තිබේ.
එම වෙබ් අඩවියට ඇතුළු වී එහි ප්‍රමාද වන සහ අවලංගු වන දුම්රිය පිළිබඳ දැනගැනීමට සඳහා වන අංකය වෙනුවට එරට ආගමික නායක අයතුල්ලා අලි කමනේයිගේ දුරකථනය යොදා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් දුම්රිය සේවාව අවුල් සහගත වූ බවයි.මෙම සයිබර් ප්‍රහාරය ප්‍රවේශපත්‍ර කාර්‍යාල සහ භාණ්ඩ ප්‍රවාහන අංශ වෙත ද බලපා ඇත.
සමහර දුම්රිය ස්ථානවල සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් කටයුතු සිදු නොවන බව දන්වා දැන්වීමක්ද පළකර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...