හයිටි රාජ්‍යයේ පොලිසිය විසින් එරට ජනාධිපති ජොවෙනල් මොයිපේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් හයිටි රාජ්‍යයේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක ප්‍රධානියා වූ James Solages(ජේම්ස් සොලේග්ස්-35) සහ හයිටි ඇමරිකානුවකු වූ Joseph Vincent ( ජෝශප් වින්සන්ට් -55) ඇතුළු කොළම්බියා ජාතිකයන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කර සිටී.
හයිටි රාජ්‍යයේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක ප්‍රධානියා වූ ජේම්ස් සොලේග්ස් , ඇමරිකානු කුලි සෙබළකු ලෙස සේවය කළ අයෙකු මෙන්ම හයිටියේ රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියෙකු ලෙස දැනටමත් කටයුතු කරන්නෙකි.
හයිටි පොලිසියට අනුව ජනපති මොයිපේ ඝාතනයට සම්බන්ධ ඝාතක කණ්ඩායමේ සිවුදෙනෙක් පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වී තිබේ.
කෙසේ වුවද ජනපති මොයිපේගේ ඝාතනය සම්බන්ධයෙන් ඇමරිකාවේ සිටින හයිටි තානාපතිවරයා පවසා සිටියේ එම ඝාතනය කුලී හේවායන් සැලසුම් කළ මෙහෙයුමක් බවයි. නමුත් කුලී හේවායන් මෙහෙයවා ඇත්තේ කවුරුන් විසින්ද හයිටියේ කැනඩා තානාපති කාර්යාලයේ හිටපු ආරක්ෂක ප්‍රධානියා මෙම ඝාතනයට සම්බන්ධ වූයේ කෙසේද යන්න හෙලි කිරීමට හයිටියේ ඇමෙරිකානු තානාපතිවරයා කටයුතු කර නැත.
හයිටි පොලිස් අත්අඩංගුවේ පසුවන ජේම්ස් සොලේග්ස් සහ ජෝශප් වින්සන්ට් කොපමණ කාලයක් හයිටියේ සිටියේදැයි හයිටි පොලිසිය හෙළි කර නැත. එසේම පොලිස් වෙඩි පහරින් මියගිය සිව් දෙනා ගේ අනන්‍යතාවයද හෙල්ළිකර ගැනීමට හයිටි පොලිසිඅය මෙතෙක් සමත් වී නැත. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සොලාගන් පවසා ඇත්තේ තමා තානාපති නිලධාරියකු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...