රටේ සශ්‍රීකත්වය ලගා වන බව පවසමින් දේශපාලනඥයන් විසින් සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම හරහා ලෝකයේ තිබෙන අපද්‍රව්‍ය ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීමට සහ පරිසරයට බැහැර කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සලසාදී ඇති බව වරලත් වාත්තු විද්‍යාඥ නාලක ජයවීර මහතා පවසයි.
ඉතා අකාර්යක්ෂම ක්‍රියාපටිපාටියක් හරහා මෙම ගිවිසුම නිර්මාණය කර ඇති බවත් එක් එක් වගන්ති කියවීමෙන් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සූරා කෑම සදහා ඔවුන්ට මෙමගින් අවශ්‍ය පරිදි නීති රීති ලිහිල් කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
ප‍්‍රධාන වශයෙන් කරුණු තුනක් යටතේ ඔහු පෙන්වා දෙන්නේ භාණ්ඩ වාණිජ්‍ය ලිහිල් කරණය යටතේ අපද‍්‍රව්‍ය ලිහිල්කරණයට යටත් කර ඇති බවත්, සේවා වාණිජ්‍ය ලිහිල්කරණයේදී ඒ සදහා අව්‍ය කළමණාකරන අංශය වාණිජ්‍ය ලිහිල්කරණයට යටත්කර ඇති බවත්, ආයෝජන අංශය එවැනි ආයෝජන සදහා සියලු බදු වැය වලට යටත්කොට ඇති බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...