විදේශ පුවත්

ප්‍රංශයේ සෞඛ්‍ය සේවකයින් සඳහා කොරෝනා වයිරස් එන්නත් ලබා දීමට සැලසුම් කර ඇත. ඒ වඩාත් දරුණු ඩෙල්ටා ප්‍රභේදය යුරෝපය පුරා සීඝ්‍රයෙන් පැතිරී යාම නිසාය.

ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් රූපවාහිනි වැඩසටහනක දී ප්‍රකාශ කර සිටියේ ” වසංගතය නැවත ආරම්භ වීමේ අවධානමකට මුහුණ දෙමින්” සිටින බවයි.එන්නත් ලබාදීම මන්දගාමීව සිදු වුවහොත් මෙය වඩාත් දරුණු විය හැකි බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ ජනපති මැක්‍රොන් ප්‍රකාශ කර සිටියේ එන්නත්කරණය සිදුකරන තරමට වෛරසය සංසරණය වීමට ඇති ඉඩ ප්‍රමාණය අඩු වන බවයි.

සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වොරන් පැවසුවේ ලබන සැප්තැම්බර් මස 15 වන විට සියලුම සෞඛ්‍ය සේවකයින්ව එන්නත් ලබා දිය යුතු බවයි.ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිතයින් ප්‍රංශයෙන් වාර්තා වීමත් සමග මෙම තීරණය ගන්නා ලදී



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More