ප‍්‍රධාන පුවත්

නිදහස් මැතිවරණයක් සහ සමාජ ආර්ථික ගැටළු විසදන ලෙස ඉල්ලමින් පසුගිය ඉරිදා කියුබානු වැසියන් දහස් ගණන් එරට වීදි වලට බැස විරෝධතාවක නිරත වූ අතර එම විරෝධතාවන්ට ප්‍රතිචාරයක් ලෙස කොමියුනිස්ට් පක්ෂ ආධාරකරුවන් ප්‍රති පෙළපාලිවල නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී .

කියුබානු උද්ඝෝෂණය පිළිබඳව අදහස් පළ කරන රුසියානු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මරියා සකරෝමා පවසා සිටියේ ඇමරිකාව කියුබාව තුල “වර්ණ්වාදී”විප්ලවයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් සම්බාධක පැනවීම මගින් රට තුළ කෘතිම සමාජ ආර්ථික ප්‍රශ්න ඇති කොට කියුබානු පාලන තන්ත්‍රය අඩාළ කිරීමට ඇමෙරිකාව කටයුතු කරමින් සිටින බවද ඇය විදෙස් මාධ්‍යයට පවසා සිටියේය.

තවද සකරෝමා පවසා සිටියේ හවනාහි අභ්‍යන්තර කටයුතුවලට ඇමරිකාව ඇඟිලි ගසමින් සිටින බවත් කියුබානු ජනතාවගේ මානුෂීය තත්ත්වයන් පිළිබඳව ඇමෙරිකාව සැලකිලිමත් වන්නේ නම් ඔවුන් විසින් පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ද ඇය මෙහිදී ඉල්ලා සිටියේය.

ඇය මෙහිදී තවදරටත් පවසා සිටීයේ මෑත අතීතයේදී අමෙරිකාව මෙලෙස රාජ්‍යන් කිහිපයකටම සම්බාදක සහ අනෙකුත් නීති හා මානුෂීය විරෝදී කෘර අත් පෙවම් මගින් ” දේදුනු විප්ලව මගින් ” අස්තාවර කොට විනාශකොට ඇති බවයි .

රුසියාව මෙවැන් බාහිර රජයන් විසින් කියුබාවට කරන අත පෙවීම් වලට තදයේ විරුද්දව පෙනී සිටින බව ප්‍රකාශ කළහ .

කියුබානු විදේශ අමාත්‍යවරයා ඇතිවී ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාවේ මානුෂීය මැදිහත්වීම මිලිටරි ආක්‍රමණයකට මඟ පෑදීමක් ලෙසටය.

https://sputniknews.com/latam/202107151083390520-moscow-us-envisaging-colour-revolution-scenario-for-cuba/



One thought on “කියුබාවේ දේදුණු විප්ලවයක් ඇතිකිරීමට විදේශ බලවේගයන්ගේ උත්සාහයන් හෙළා දකිනවා – රුසියානු විදේශ අමාත්‍යාංශය.”

  1. මොන දේදුනු විප්ලවයක්ද ඕයි, සමාජවාදය හදපු හැමරටක්ම අසාර්තකයි, චීනෙ විතරක් කෝටිපතියන්ගෙ පිහිටෙන් ආර්ථිකය හදාගත්ත​. කියුබානුවන් බඩගින්නේ පාරටබහිනේ රටේ එකම නිශ්පාදනය සීනිවත් කඩවල නැති හින්ද​.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More