ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් (3දා) පෙරවරුවේ බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය.
එදින පෙරවරු 3.30ට විපක්ෂ මධ්‍යම කාරක සභාව පැවැත්වෙන අතර ඉන් අනතුරුව පක්ෂයේ විධායක සභාව රැස්වීමටද නියමිතය.විධායක සභාවේ රැස්වීමෙන් පසුව සමස්ත ලංකා කාරක සභාවද රැස්වීමට නියමිත බව වීරක්කොඩි මහතා කීවේය. පක්ෂයේ ප්රතිසන්ධාන වැඩපිළිවෙළ සහ ශ්‍රී ලනිපය ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න ගැන මෙහිදී තීන්දුවක් ගැනීමට නියමිත බවද වාර්තා වේ.මේ සඳහා සියලුම මධ්‍යම කාරක සභිකයන්ට, විධායක සභිකයන්ට සහ සමස්ත ලංකා කාරක සභාව නියෝජනය කරන සියලු සාමාජිකයන්ට පැමිණීම අනිවාර්ය කර ඇති බවද ශ්‍රී ලනිප පක්ෂ මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කෙළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...