මේ බමස 05 වැනිදා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන ලෙස කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ බලය උරගා බැලීමට මේ අවස්ථාව යොදා ගැනීම ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ වී ඇති අතර ඒකාබද්ධ විපක්ෂයත්, ශ්‍රී ලනිපය හා එජාපයත් මේ වනවිට මේ සඳහා මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව වාර්තා වේ.
නියෝජ්‍ය කථානායක සඳහා රහස් ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් එහිදී තමන් ඉදිරිපත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ජයග්‍රහණය කර නියෝජ්‍ය කථානායක තෝරා ගනිමින් පාර්ලිමේන්තුවේ තම බලය තහවුරු කරගැනීම එක්සත් ජාතික පක්ෂයේත් ඒකාබද්ධ විපක්ෂයේත් අරමුණ වී තිබේ.
නියෝජ්‍ය කථානායක ධුරයට එක්සත් ජාතික පක්ෂයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද කුමාරසිරි මහතාගේ නම යෝජනා කිරීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජේයෂ්ඨ සාමාජිකයෙක් “ඉරිදා මව්බිම”ට පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම යෝජනා කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානමින් සිටී.
මේ සම්බන්ධයෙන් 16 දෙනාගේ කණ්ඩායම සමඟ සාකච්ඡාවක් මේ වන විටත් ආරම්භ කර තිබෙන බවද ඒකාබද්ධ විපක්ෂයේ ජේයෂ්ඨ නියෝජිතයකු සඳහන් කළේය.
අගමැතිවරයා සමඟ කලකිරීමෙන් සිටින එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟද මේ ගැන සාකච්ඡා කරන බව ඒකාබද්ධ විපක්ෂයේ එම නියෝජිතයා සඳහන් කෙළේය.
මීට අමතරව ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 23 දෙනාගේ සහායද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත ලබාගැනීමට සාකච්ඡා කරන බව එම නියෝජිතයා සඳහන් කෙළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වෙනුවෙන් දැඩිව පෙනී සිටින පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු අප සමඟ පැවැසුවේ අවශ්‍ය වුවහොත් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතාගේ නම නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා කිරීමට බලාපොරොත්තු වන බවයි. බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න ඉදිරිපත් කරමින් හොඳින් කටයුතු කරන බවත් ඔහුට විපක්ෂයේද සහාය ලබාගැනීමට හැකි බවත් එම මන්ත්‍රිවරයා පැවැසීය.
කෙසේ වුවත් නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වීමට නියමිතය.
මව්බිම
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඕණ ඡන්දෙකට අපි ලෑස්තියි