පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ සිට මේ දක්වා එක්සත් ජාතික පක්ෂය කළ වැඩ කොටස සම්බන්ධයෙන් ජනතාවට කරුණු කීම සඳහා “ඇත්ත කියමු” නමින් ප්‍රචාරක වැඩසටහනක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂය එදා සිට අද දක්වා කළ කී දෑ බොහෝ දෙනෙකුට අද අමතකව ඇති බැවින් මෙම වැඩසටහන ආරම්භ කිරීමේ වගකීම අගමැති රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නිල ප්‍රචාරක ලේකම් ඇමැති හරින් ප්‍රනාන්දුට පවරා ඇත.
ලබන 04 වනදා සිරිකොත පක්ෂ මුලස්ථානයෙන් ආරම්භ කරන මෙම වැඩපිළිවෙළ රට පුරා ගමින් ගමට ගෙන යන බවද හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. රටේ වත්මන් තත්ත්වය මෙන්ම ආණ්ඩුවේ කටයුතු හා ජනතා සංවර්ධනය පිළිබඳවම ජනතාවට කරුණු දැක්වීමට ද පක්ෂය තීරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...