විදේශ පුවත්

ඉන්දීය ඡායාරූප මාධ්‍යවේදීයකු වූ ධනීෂ් සිද්දිකී රොයිටර් පුවත් සේවය වෙනුවෙන් සේවය කළ අයෙකි.මෙසේ ඇෆ්ඝන් – පාකිස්තාන දේශසීමාව ආසන්න ප්‍රදේශයක දී වෙඩිවැදී ඔහු මිය ගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මියගිය ඔහු පුලිට්සර් සම්මානලාභී මාධ්‍යවේදියෙකි.

සිද්දිකි ස්පින් බොල්දක් ප්‍රදේශයේ සටන් පිළිබඳව වාර්තා කිරීමට ඇෆ්ඝන් කමාන්ඩෝ බලකා සමග යුධබිමට වාර්තාකරුවකු ලෙස ගියේය.දැනට වාර්තා වී ඇත්තේ ඇෆ්ඝන් කමාන්ඩෝ භටයන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් තලේබන් සටන්කාමීන් පසුබැස ගිය අතර එම අවස්ථාවේදී සිද්දිකී එම ප්‍රදේශයේ කඩසාප්පු හිමියන් සමග සාකච්ඡා කරමින් සිටියදී නැවත තලේබාන් ප්‍රහාරයක් එල්ල වී ඇත.එහිදී සිදුවූ වෙඩි හුවමාරුවකදී සිද්දිකී මියගොස් ඇත.

රොයිටර්ස් පුවත් සේවයෙහි දින දෙකකට පෙර ඇෆ්ඝන් කමාන්ඩෝවරුන් පිළිබඳව වන ඔහුගේ වාර්තාවක් පළ කර තිබුණේ ඉහත ඡායාරූපය ද සමගයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More