ඉන්දියාවෙහි කළු දිලීරය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 4,300ක් පමණ මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
තවද එය වසංගත තත්ත්වයක් බවට පත්විය හැකි බවද සෞඛ්ය අංශ අනතුරු අඟවයි.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය මන්සුක් මන්ධාවියා පවසනුයේ මේ වන විට ඉන්දියාවේ කළු දිලීරය ආසාදිතයින් 45,374ක් වාර්තා වී ඇති බවයි.
මෙය මියුකෝමයුකෝසිස් නමින් හැඳින්වෙන අතර එය දුර්ලභ මෙන්ම භයානක බවද වෛද්‍යවරු පවසති.
මේ දිලීරය හේතුවෙන් නාසය,ඇස් සහ සමහරවිට මොළයේ ආසාදනය වීම් සිදුවන බව හඳුනාගෙන ඇත.
කළු දිලීරය ආසාදනය වී ඇති රෝගීන්ගෙන් බහුතරයක් සුවය ලබමින් සිටින කොවිඩ් ආසාදිතයින් බව වාර්තා වේ.
මෙම කළු දිලීර තත්ත්වයකොවිඩ් රෝගය සුවවී දින 10-12කට පසුව ආසාදනය වන බවට හඳුනාගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...