පාක්‌ෂිකයන්ට ඇති ගැටලුව 2020 දී ආණ්‌ඩුවක් ගන්නකොට මෛත්‍රී ද මහින්ද කියන එක නොව මේ යන විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ ආණ්‌ඩුවක් කොහොමද ගන්නෙ කියන එක බව කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන ඇමැති ඩබ්ලිව්.ඩී.ඡේ සෙනෙවිරත්න පවසයි.පසුගියදා රත්නපුර පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ දිස්‌ත්‍රික් සම්මේලනය අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ පක්‌ෂ දෙකට බෙදී 2020 දී ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ ආණ්‌ඩුවක් පිහිටුවන්නේ කෙසේදැයි පාක්‌ෂිකයන් පෙරලා ප්‍රශ්න කරන බවයි.
“ අපි සම්මුති ආණ්‌ඩුවක් හැදුවෙත් වසර දෙකක් තුළ රටේ මූලික අවශ්‍යතා කිහිපයක් ඉටු කරගන්න අපේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන්. එක්‌සත් ජාතික පක්‌ෂයත් එක්‌ක දිගටම ආණ්‌ඩු කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ ආණ්‌ඩුවකින් වගේ අපේ බලාපොරොත්තු වගේම, පාක්‌ෂිකයන්ගේ ඉල්ලීම් බොහොමයක් ඉෂ්ට කර ගන්න අද අපිට බැහැ. මාරුවක් ගන්න ගියත් වෙන දෙයක් කරගන්න ගියත් බොහෝ තැන්වල ශ්‍රී ලංකා නිදහස් පාක්‌ෂිකයන්ට තියෙන්නේ කුඩම්මගේ සැලකිළි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...