ඇමරිකාවේ ඉහළ පෙළේ සෞඛ්‍ය ඒජන්සියක් විසින් ඊයේ(27)වන දින කොවිඩ්- 19 නව මාර්ගෝපදේශයක් ඉදිරිපත් කර ඇත.
මෙහිදී රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC)හි අධ්‍යක්ෂ වෛද්‍ය රොෂෙල් වැලන්ස්කි මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර සිටියේ පූර්ණ එන්නත්කරණය සිදුකළ පිරිස්ද මුඛ ආවරණ පැළඳිය යුතු බවත් තවද පූර්ණ එන්නතකරන සිදුකළ අයටද ඩෙල්ටා ප්‍රභේදය වැළඳීමේ අවදානමක් ඇති බව හෙතෙම පවසා සිටියේය.
මෙහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එන්නතකරණය සිදු කළ පිරිස් තුලද ඩෙල්ටා වෛරසය ප්‍රභේදය තිබිය හැකි බවත් එය එන්නත්කරණය සිදු නොකල පුද්ගලයින්ට පැතිරීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවත්ය මෙහිදී මාධ්‍යවේදීන් විසින් පර්යේෂණ සඳහා භාවිතා කරනු නියැදියන් පිළිබඳ විමසා සිටින විට වැලන්ස්කී එයට ප්‍රතිචාර දීමෙන් වැළකී සිටියේය.
මේ පිළිබඳව අදහස් දක්වන වැන්ඩර්බිල්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය විලියම් ෂාෆ්නර් එපෝඩ් ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් පවසා සිටියේ සී.ඩී.සි මාර්ගෝපදේශයන් සාර්ථක බවයි. මෙහිදී ඔහු ප්‍රකාශ කළ සිටියේ එන්නත් කරන සිදුකළ පුද්ගලයින්ට ද වෛරසය පැතිරීමේ අවදානමක් පවතින බවත් එනිසා කොවිඩ් මාර්ගෝපදේශයන් ට අනුව ක්‍රියා කරන ලෙසට ඔහු මෙහිදී ජනතාවගේන් ඉල්ලා සිටියේය.
ධවල මන්දිරය මාධ්‍ය ලේකම් ජේන් සාකි අදහස් දක්වමින් පවසා සිටියේ සී.ඩී.සී යෙන් ලබා දෙන මාර්ගෝපදේශයන් අනුගමනය කළ යුතු බවත් වසංගතය සහ ඇමෙරිකානු මහජනතාවට මගපෙන්වීම ඔවුන්ගේ රාජකාරිය බවත් හෙතෙම අවධාරණය කර සිටියේය.
https://www.theepochtimes.com/mkt_breakingnews/cdc-fully-vaccinated-people-should-wear-masks-indoors-in-some-areas_3921045.html
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...