නියෝජ්‍ය කථානායකවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (05 දා) පාර්ලිමේන්තුවේදී සිදු කරන අතර ඒ සඳහා සිව්කොන් සටනක් නිර්මාණය වී ඇත.
එක්‌සත් ජාතික පක්‍ෂයෙන් මොණරාගල දිස්‌ත්‍රික් මන්ත්‍රී ආනන්ද කුමාරසිරි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් පත්කළ මන්ත්‍රී අන්ගජන් රාමනාදන්, ශ්‍රීලනිප දහසය දෙනාගේ කණ්‌ඩායමේ සිටින ගම්පහ දිස්‌ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන අයගේ නම් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා කිරීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තම නම යෝජනා කරන නිසා තමන් ඊට එකඟවූ බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.
මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයෙන්ද මේ සඳහා මන්ත්‍රීවරයකු යෝජනා කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින බව එම පක්‍ෂයේ ප්‍රකාශකයෙක් කීවේය.
කථානායක කරු ජයසූරිය මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව හෙට පස්‌වරු 1.00 ට රැස්‌වේ. පාර්ලිමේන්තුව රැස්‌වීමෙන් පසුව න්‍යාය පත්‍රයට අනුව පළමු කාර්යය ලෙස සිදු කරන්නේ නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපතිනි තනතුර සඳහා මන්ත්‍රීවරයකු තෝරාපත් කර ගැනීමය. මේ සඳහා එක් අයකුට වඩා වැඩි පිරිසක් තරග කරන්නේ නම් ඒ වෙනුවෙන් ඡන්ද විමසීමක් සිදු කෙරෙනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...