දේශීය පුවත්

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණියට ඇප ලබා දී තිබේ.

ඔවුන් අද (04) දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බාර වුණි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිද සහ දියණිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කුරුඳුවත්ත පොලීසියට පසුගියදා නියෝග කර තිබුණි.

ඒ අනුව ඔවුන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප ලබා දුන් බව වාර්තා වේ

———————————————-
බෝගොල්ලාගමගේ බිරිඳ-දුව අධිකරණයට බාර වෙයි

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය අධිකරණයට බාර වී තිබේ.

අද(04) දිනයේ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බාර වී තිබේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිද සහ දියණිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කුරුඳුවත්ත පොලීසියට නියෝග කර තිබුණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් මෙම නියෝගය ලබාදී තිබුණි.

පසුගිය අප්‍රේල් මස 6 වැනිදා කොළඹ ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක දී කාන්තාවකට බැණ තර්ජනය කිරීම සහ පහරදීමට තැත් කළ බවට රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳට සහ දියණියට එරෙහිව කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.

ඒ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබූ අතර පසුගිය (01) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සැකකාරියන් දෙදෙනාට නොතීසි නිකුත් කර තිබුණ ද ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටි බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙහිදී අගතියට පත් පාර්ශවයේ නීතීඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ නඩුව පවරා තිබියදීත් සැකකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ දුරකථනය ඔස්සේ පැමිණිලිකාරියට මරණ තර්ජන සිදුකර ඇති බවයි.

කරුණු සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More