ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක අමාත්‍ය බිස්මිල්ලා ඛාන්ගේ නිවසව තලෙසිබාන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යවරයා හෝ පවුලේ කිසිවෙකු එහි සිට නොමැති අතර සිද්ධියෙන් 04 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පසු වෙඩි තබා ගැනීම් රැසක් ද වාර්තා වී ඇත.
ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමෙන් පසුව තලෙයිබාන් සටන්කාමීන් සිය අණසක රටපුරා පතුරවමින් සිටිනවා
මේ අතර, දරුණු ගැටුම් පවතින හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ලක්ෂාගා නගරයේ සිවිල් වැසියන් රැසක් සිර වී සිටින අතර මාර්ගවල මළ සිරුරු රැසක් දක්නට ලැබෙන බව ද වාර්තා වනවා
කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ මෙම ගැටළුව ඉදිරියේදී විශාල මානුෂිය ව්‍යවසනයක් බවට පත් වනු ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...