අමෙරිකානු අධිරාජ්‍යයවාදීන්ගේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක දැඩි ආර්ථික සම්බාධක මාධ්‍යයේ බරපතල සමාජ ආර්ථික ගැටලු ගනනාවකට මුහුණ දී සිටින තත්වයකදී වුවද 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ කියුබානු ක්‍රීඩකයන් මේ වන විට රන් පදක්කම් 5ක් රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගනිමින් ශ්‍රේණිගත කිරීම් වලින් 15 වන ස්ථානයට පත්ව සිටී.
කියුබාව වෙනුවෙන් සහභාගි වූ ක්‍රීඩකයන් අතරින් බොක්සිං,මල්ලව පොර සහ ඔරු පැදීමේ ඉසව් නියෝජනය කළ පිරිමි ක්‍රීඩකයන් ඔලිම්පික් රන් පදක්කම් දිනා ගත්හ.
කියුබාව වෙනුවෙන් රිදී පදක්කම් දිනාගත් ක්‍රීඩා ඉසව් අතර පිරිමි දුර පැනීම, කාන්තා කිලෝ ග්‍රෑම් 78 ට වැඩි බර පන්තියේ ජූඩෝ ක්‍රීඩාව සහ මීටර 25 සීමාවේ පිරිමි පිස්තෝලයෙන් වෙඩි තැබීම යන ඉසව් තිබෙන බව වාර්තා වේ.
ලෝකඩ පදක්කම් 4 ලබා ගත් ක්‍රීඩා ඉසව් වන්නේ පිරිමි දුර පැනීම,කාන්තා කව පෙත්ත විසි කිරීම,පිරිමි කිලෝ ග්‍රෑම් 52-57 බරපංතියේ බොක්සිං සහ පිරිමි කිලෝ ග්‍රෑම් 80ට වැඩි ටයිකොන්ඩෝ ක්‍රීඩාව වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...