20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පුස් වෙඩිල්ලක් බවත් එමගින් ජනතාව මුහුණ දෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රශ්න කිසිවකට පිළිතුරු නැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
අද (03) බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ, විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම නමැති සටන් පාඨය සමග ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කරන බල සූදුව මෙවරක් සිදු කරමින් සිටින බවයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රතිසංස්කරණ ගෙන ආ යුත්තේ මහජන පෙළ ගැස්මක, අඛණ්ඩ උද්ඝෝෂණයක පියවරක් ලෙස බවත් එසේ නොමැතිව අහසින් පාත් කරන ප‍්‍රතිසංස්කරණවලින් ජනතාවට කිසිවක් නොලැබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.
එහිදි අදහස් දැක්වූ පුබුදු ජාගොඩ,
“20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් විදියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ පක්ෂයේ අදහස කියන්නයි මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ. 20 සංශෝධනය ඉදරි පත් කරලා තියෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියන තේමාව යටතේ. මේ ගැන සාකච්ඡුා කරන කොටම අපේ අවධානය යොමු විය යුතු කරුණක් තිබෙනවා මේ මොහොත වන විට රටේ තිබෙන අර්බුදය මොකක්ද? ඒ අර්බුදයේ මූලය මොකක්ද? කියන එක පිළිබඳව. ආර්ථික, ප‍්‍රජාතන්ත‍්‍රවාදය. දේශපාලනය අර්බුදය විධායක ජනාධිපතික‍්‍රමය නිසා ඇති වුණු අර්බුදයක් කියලා කියන්න බැහැ. ඇත්තටම මේ අර්බුදය විධායක ජනාධිපති ක‍්‍රමය නිසා ඇති වූවක් කියනවාට වඩා විධායක ජනාධිපතික‍්‍රමය කියන්නේ අර්බුදයේ ඵලයක්.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...