දේශීය පුවත්

පළාත් සභා 6 ක මැතිවරණය ලබන දෙසැම්බර් මස මුල් සතියේ පැවැත්වීමට රජය සැලසුම් කර ඇත.

මෙම වසර අවසානයේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බැවින් ඊට සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (3 දා) පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී දැනුම්දී තිබේ.

පසුගිය වසරේ නිල කාලය අවසන් වූ උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභාවලත් මෙම වසරේ ඔක්‌තෝබර් මාසයේදී නිල කාලය අවසන් වන උතුර, මධ්‍යම හා වයඹ පළාත් සභාවලත් ඡන්ද විමසීම මේ අනුව දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

මැතිවරණය පැවැත්වෙන ක්‍රමය පිළිබඳව මේ වනතෙක්‌ අවසන් තීරණයක්‌ ගෙන නොමැති අතර පැරැණි මනාප ඡන්ද ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හැර සෙසු පක්‍ෂවල මතයවී තිබේ.

මේ අතර සම්මත කර ඇති කොට්‌ඨාස හා සමානුපාත මිශ්‍ර ක්‍රමයේ අඩුපාඩු පිළිබඳව සොයා බැලීමට අගමැතිවරයා පත් කළ අනු කමිටුව මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව පළාත් පාලන හා පළාත් සභා ප්‍රකාශකයෙකු පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More